කුමාරගේ පිටින් පොලිස්පතිගෙත් වැරදි අල්ලන්න යන නාමල් - තුන්පාරක්ම කුමාරව රකින්න ආපු නිසා අනුරගේ මූණෙත් දැලි

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට තුන් පාරක් ඇවිත් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිව රැක්ක බවට ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (20) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති නව අවුරුද්දේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යයට වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ,

ගම්මන්පිලගෙන් තවත් ආන්දෝලනයක් - ජනපති සහ බිමල් අතර දරුණු මත ගැටුමක් - බහුතර බලය බිමල්ට

ගම්මන්පිලගෙන් තවත් ආන්දෝලනයක් - ජනපති සහ බිමල් අතර දරුණු මත ගැටුමක් - බහුතර බලය බිමල්ට

"දැන් කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තියෙනවා කියලා ජනාධිපතිවරයා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කිව්වනේ. හැබැයි අද වෙනකොට මොකක්ද වෙන්නේ එක පැත්තකින් ගල් අඟුරු වංචාව, අනික් පැත්තෙන් පුනර්ජනනීය විදුලිය වහලා. පුනර්ජනනීය විදුලිය උත්පාදනය කරන ආයතන වහල දාලා තනිකර ඩීසල් මාෆියාව මේ රටේ අරගෙන යන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒක තමයි මේ ආණ්ඩුවේ සැලැස්ම. ඒ වංචාව පිළිබඳවත් ඉදිරි කාලසීමාවේ රට දැන ගනීවි . දැන් අපි බලාගෙන ඉන්නවා සාධාරණව පරීක්ෂණයක් සිද්ධ වෙනවද කියලා පැහැදිලිවම මේ ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන්. රට දැනගෙන ඉන්නවා විගණකාධිපතිවරිය ගේ වාර්තාව දිහා බැලුවම ඒක වංචාවක් බව පේනවා. ඒ වගේම තමයි ගල් අඟුරු සම්බන්ධයෙන් ලැබ් රිපෝට් එක ගත්තත් බොරු වාර්තාවක් දීලා තියෙන්නේ.

ලෝකයේ වැඩිම මිලට ඩීසල් ගත්තේ ලංකාවද? ගම්මන්පිලගෙන් ඩොලර් මිලියන ගණනක තෙල් බෝම්බයක්

ලෝකයේ වැඩිම මිලට ඩීසල් ගත්තේ ලංකාවද? ගම්මන්පිලගෙන් ඩොලර් මිලියන ගණනක තෙල් බෝම්බයක්

ඉතින් මේවා හංගන්න බෑ හැබැයි දැන් අපි බලන් ඉන්නවා ඇමතිවරයා ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබීනට් මණ්ඩලය ඒ වගකීම භාරගන්නවද එහෙම නැත්තං ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වුණු නිලධාරීන් මත වරද දාලා නිලධාරීන්ව අස් කරලා දානවද කියලා. කලින් අපි දැක්කනේ එහෙම වෙනවා දැන් බන්ධනාගාර කොමසාරිස්වරයා අස් කරා. හැබැයි මානව හිමිකම් එකෙන් එතුමාට සාධාරණයක් ඉෂ්ඨ වුණා. ඒකෙන් ඇමැතිවරයාගේ ආණ්ඩුවේ වැරදි වහගන්න නිලධාරීන්ගේ පිට වැරදි පටවනවා අවසානයේ මොකක්ද වෙන්නේ. අපි බලන් ඉන්නවා ජනාධිපතිවරයා මේකට වගකියන්න ඕන. ජනාධිපතිවරයා පත්කරේ මෙයාව දැන දැනමයි. ඒ විතරද පාර්ලිමේන්තුවට ඇවිල්ලා තුන්පාරක් ආරක්ෂා කරානේ ජනාධිපතිවරයා මේ ඇමතිවරයාව. ආණ්ඩුවේ 153 දෙනෙක් ඡන්ද දීලා ඇමතිවරයා ආරක්ෂා කළා. පාර්ලිමේන්තුවේ දවසක් වාද විවාද කරලා ඡන්දෙ දුන්නා. දැන් අපි බලන් ඉන්නවා මොකක්ද වෙන්නේ කියලා නිලධාරීන්ගේ පිට දානවද නැත්නම් ආණ්ඩුව භාරගන්නවද කියලා. වරදක් වෙලා තියෙනවද කියලා දැන් පැහැදිලියිනේ. ඔව් දැන් අපි බලන් ඉන්නවා මේ ආණ්ඩුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවද කියලා පොලිස්පතිවරයා මාලිමාවේ පොලිස්පතිවරයා විදියට තවදුරටත් හැසිරෙනවද කියලා. පොලිස්පතිවරයා මාලිමාවේ පොලිස්පතිවරයාද එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයාද කියල අපි බලාගෙන ඉන්නවා. ජනතාවට ඉතාමත් ම අපහසු කාලයක් මේ කාලය. දේශපාලනය කරන පක්ෂයක් විදියට අපි ඒක තේරුම් ගත යුතුයි. ආණ්ඩුව ඒක තේරුම් ගත යුතුයි.

මාලිමාව දෙදරයි - ලොක්කෝ 12ක් එවපු ලිපියකින් පැලවත්ත කැළඹෙයි

මාලිමාව දෙදරයි - ලොක්කෝ 12ක් එවපු ලිපියකින් පැලවත්ත කැළඹෙයි

ජනතාව මත අසීරු බදු ගොඩක් පටවලා තියෙනවා. ඒ වගේම ගල් අඟුරු වංචාවෙන් වෙච්ච පාඩුව. ඒ වගේම ලෝකයේ වැඩිම මිලට තෙල් මිලදී ගත්ත ආණ්ඩුව බවට අපි පත්වෙලා තියෙනවා. ලෝකයේ වැඩිම මිලට තෙල් ගත්ත කතාව අපි නෙවෙයි කියන්නේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝකයේ වැඩිම මිලට තෙල් ගෙනල්ලා අසීමිත බරක් ජනතාව පිට පටවපු ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම දිට්වා සුළි කුණාටුවෙන් අසරණ වෙච්ච ජනතාවට තාමත් සාධාරණයක් කරන්න ජනාධිපතිවරයා එක ගෙදරකට ගිහිල්ලා කිරි ඉතිරෙව්වා. එදා ගියාද නැද්ද කියලා කියන්න මම දන්නෑ හැබැයි කිරි උතුරුවලා තිබුණා. ඒක හොඳයි.තවමත් ජනතාව අනාථ කඳවුරුවල ජීවත්වන තැනට පත්වෙලා තියෙනවා. අනාරක්ෂිත තැන්වලින් ජනතාව ඉවත් කරන්න කටයුතු කරල නෑ, ඒ නිසා මේ අවුරුද්ද ඉතාමත් අභියෝගාත්මක අවුරුද්දක් ජනතාවට. මොකද ආණ්ඩුව පැහැදිලිවම තමන්ගේ වැරදි වහගන්න විපක්ෂ මර්දනය කරනවා. තමන්ගේ නොහැකියාව වහගන්න ඒ පීඩනය ජනතාවට දෙනවා ගල් අඟුරු ගැන හොයන්න ඕන 2009 ඉඳලා නෙවි මේක 1988 -89 කාලයේ ඉඳන් හොයන්න ඕන. ඒ කියන ගල් අඟුරු තිබුණ නම් ඒ කාලේ. පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා, මේ ආණ්ඩුව. එක පැත්තකින් කලින් පිල්ලෙයාල් හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගත්තා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් . විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තු ඇවිත් කිව්වා ඔහු අනාවරණය කරලා තියෙනවා තොරතුරු රාශියක් කියලා. ඔහු උසාවියට ඉදිරිපත් කරන්නේ මොකටද වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන්. ඒ වගේම අද සුරේෂ් සලේ අපේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔහුව ප්‍රශ්න කරනවා. හැබැයි කවුද ඔහුව ප්‍රශ්න කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ බුද්ධි අංශ වාර්තා ලාච්චුවේ හංගගෙන හිටපු දෙන්නා. දැන් ඒ දෙන්නම තමයි ගල් අඟුරු ගැන හොයන්න යන්නේ. ඒක තමයි හොඳම විහිළුව. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුත්තේ ජේවීපී එකෙන්. ඊබ්‍රාහිම්ගෙන් අහන්න ඇයි පුතාලා දෙන්න එහෙම කරේ කියලා. දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මහ මොළකරුවෙක් ඉන්නවා. ඒ රාජපක්ෂලා කියල කියනවනේ . ඉතින් මොළකරු ඊබ්‍රාහිම් මහත්තයා දන්නවා ඇතිනේ. එයාගේ පුතාලා දෙන්නා ත්‍රස්තවාදියෝ වුණේ රාජපක්ෂල නිසාද වෙන හේතුවක් නිසාද කියලා ඔහු තාම ජවිපෙ එකේ සාමාජිකයෙක්නෙ . ජාතික ලැයිස්තුවේ හිටියනේ. ජේවීපී එකට වියදම් කරානේ. තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපළත් නිදහස් කරලා දීලා කොහෙවත් නැති පිරිසකට ඇඟිල්ල දිගු කළාට හරි යන්නේ නෑ."

රටම බලන් සිටි පුටුව අනුර කරුණාතිලකට - බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

රටම බලන් සිටි පුටුව අනුර කරුණාතිලකට - බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි