ගොවීන්ට සුබ පණිවිඩයක් - මෙන්න මේ ගොවීන්ට ලබා දුන් පොහොර සහනාධාර ඉහළ දමයි
වී ගොවීන් සඳහා වත්මන් රජය විසින් සැලකිය යුතු සහනාධාර වැඩි කිරීමක් සිදු කර තිබේ.
හෙක්ටයාර් දෙකකට පෙර ලබා දුන් රුපියල් 30,000ක පොහොර සහනාධාරය දෙගුණ කරමින් රුපියල් 60,000 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙමගින් වී ගොවීන්ගේ ආදායම වැඩි කිරීමට සහා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබෙනු ඇත.
ඊට අමතරව අපනයන බෝග 14ක් සඳහා ද සහනාධාර ලබා දීමට රජය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම යෝජනාවන් ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය තහවරු කිරීමට බෙහෙත් වැදගත් වනු ඇත.