මම ඩ්‍රීම්ස්ටාර් කිරුල දිනාගෙන දැන් අවුරුදු 15ක් වෙනවා, තාමත් මට නිහතමානී ගායකයෙක් කියනකොට මාර සතුටුයි-උදේෂ් ඉන්දුල (PHOTOS)

By Sithumi Feb 05, 2023 05:07 PM GMT
Sithumi

Sithumi

Report

මම ඩ්‍රීම්ස්ටාර් කිරුල දිනාගෙන දැන් අවුරුදු 15ක් වෙනවා, තාමත් මට නිහතමානී ගායකයෙක් කියනකොට මාර සතුටුයි-උදේෂ් ඉන්දුල රියැලිටි වේදිකාව හරහා දෙරණ ඩ්‍රීම්ස්ටාර් කිරුල දිනා ගනිමින් කළා ක්ෂේත්‍රයට එකතු වුනු දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි උදේෂ් ඉන්දුල කියලා කියන්නේ

. ඒ වගේම ‘ළංවෙලා හිම සීතේ’ ගීතය හරහා රසික හදවත් අමන්දානන්දයට පත් කළ ඔහු දක්ෂ නර්ථන ශිල්පියෙක් වගේම බෙර වාදන ශිල්පියෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. 

ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දිනවල ජීවිතයේ තරමක් කාර්යබහුලයි කියලයි උදේෂ් කියන්නේ. මොකද ඔහු ඔහුගේ සාරෝ බෑන්ඩ් එකේ වැඩ කටයුතු එක්ක කාර්යබහුල වෙලාලු ඉන්නේ.

ඒ වගේම ඔහු දැන් ඔහුගේ ආදරණීය බිරිඳත් එක්ක එකතුවෙලා යූ ටියුබ් චැනල් එකක් කරගෙන යනවා. ඉතින් බිරිඳ තමයිලු ඒ වැඩකටයුතු බලන්නේ. ඒ වගේම ඔහුගේ චූටි පුතා වර්ණත් ලොකු සහයෝගයක් ලබා දෙනවා කියලත් ඔහු කියනවා. ඉතින් ඔහුගේ බිරිඳත් නර්තන ශිල්පිනියක්. ඇය සිටි ඔෆ් ඩාන්ස් සීසන් වන් එකේ තරඟකාරිනියක්.

කොහොම නමුත් ඔහුට තවමත් නිහතමානී ගායකයෙක් කියලා ප්‍රේක්ෂකයන්ගෙන් ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි උදේෂ් කියන්නේ. ඒ වගේම ඔහු හැමදාම හැමෝම එක්ක හිනාවෙලා විනෝදයෙන් ඉන්න කැමැති කෙනෙක් කියලත් උදේෂ් කියනවා. ඉතින් කලාකරුවන් අතර විතරක් නෙවෙයි ඕනිම කෙනෙක් සමඟ සුහදශීලීව කටයුතු කරන්න ඔහුට පුළුවන්ලු. 

ඒ වගේම ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනාගෙන දැනට වසර පහළොවක් පමණ වුනත් ඒ කාලයේ ඔහුත් සමඟ හිටපු අය විනිශ්චය මණ්ඩලයේ හිටපු අය වගේම ගොඩක් කලාකරුවන් අදටත් ඔහුට හරිම ආදරෙයි කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු ප්‍රශ්න දාගන්න ගොඩක් අකැමැති කෙනෙක් කියලත් ඔහු කියනවා.

ඉතින් හැමෝම එක්ක සතුටින් ඉන්නලු ඔහු කැමැති. ඉතින් ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාරවලටත් වලට වගේම ඔහු නිහතමානී ගායකයෙක් කියල කවුරුහරි කියද්දී ඔහුගේ හිතට මාර සතුටක් දැනෙනවා කියලයි ඔහු කියන්නේ. ඉතින් මිනිහෙක්ට තිබෙන හොඳම සහ වැදගත්ම ආභරණයක් තමයි නිහතමානීකම සහ අන් අයට ගරු කරලා කතා කරන එක කියලත් ඔහු කියනවා. ඒ වගේම ඒක කලාකරුවෙක් ළඟ තිබිය යුතුම ගුණාංගයක් කියලයි උදේෂ් අවසාන වශයෙන් පවසලා තිබුනේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery