උද්දික ප්‍රේමරත්නට වෙඩි තිබ්බේ කවුද - අද පාර්ලිමේන්තුවේ දී සියල්ල හෙළි කරයි?..

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician Sri Lanka Uddika Premarathna
By krishani Sep 19, 2023 11:36 AM GMT
krishani

krishani

Report

අද (19) පාර්ලිමේන්තුවේ දී අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න කියා සිටියේ ඔහුගේ වාහනයට වෙඩි තබනු ලැබුවේ පවතින ක්‍රමය විසින් බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට එල්ල කළ වෙඩි ප්‍රහාරය ගැන අලුත්ම තත්ත්වය මෙන්න.(UPDATE/PHOTOS/VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට එල්ල කළ වෙඩි ප්‍රහාරය ගැන අලුත්ම තත්ත්වය මෙන්න.(UPDATE/PHOTOS/VIDEO)


එහිදී මෙරට සිදුකරගෙන යන  දේශපාලන ක්‍රමය වැරදි බවත් ශ්‍රී ලංකාව මේ තත්වයට වැද වැටී ඇත්තේ ඒ නිසා බවත් ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් කරුණු ඔහු කියා සිටියේ සිය වාහනයට අනුරාධපුරයේ දී සිදුවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ උද්දික ප්‍රේමරත්න මහතා,

''මගේ වාහනයට 17 වැනිදා රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් සිදුවුණා. සිද්ධිය ගැන පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් පරීක්ෂණයක් කරගෙන යනවා.

මේ සිද්ධියෙන් පසු මා ගැන සොයා බලපු සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා. මේක කළේ කවුද කියන එකට වඩා මට කියන්න තියෙන්නේ මේකයි.

මම හිතෙන්නේ මේ පවතින ක්‍රමය විසින් තමයි මේ ප්‍රහාරය කරනු ලැබුවේ. කවුරුත් දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා.අපි කරගෙන යන දේශපාලන ක්‍රමය වැරදියි.

ඒ නිසා තමයි මේ රට මේ තත්වයට පත්වෙලා තියෙන්නෙ.දෙපැත්තෙම වැරදි තියෙනවා.මේකේ නිවැරදි තැන හොයාගන්න ඕන.වෙනස් වෙන්න ඕන තැන අපි හොයාගන්න ඕන. හොයාගෙන දෙපාර්ශවයම ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන.

ඒ වෙනස ගේනකම් මේ රට හදන්න බැහැ.ඒ දේශපාලන පරිවර්තනය මේ රට ඉල්ලනවා.ඒ වෙනස වෙනුවෙන් අපි තරුණයන් විදිහට වැඩ කරනවා.'' යනුවෙන් ය.



You May Like This Video?

"ඇයි මීට කලින් මැච් පැරදිලා නැද්ද? හැම එකටම පොහොට්ටුව.."


ReeCha