බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත ව තිබු ලෝක කුසලාන තරගාවලිය අරාබි එමීර් රාජ්‍යයට...

Report

බංග්ලාදේශය තුළ පැවැත්වීමට සූදානම් කර තිබූ විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ බංග්ලාදේශය තුළ පවතින දේශපාලනය අස්ථාවරත්වය හේතුවෙන් ය.


ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකාවෙන්...

ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකාවෙන්...

මෙවර විස්සයි 20 කාන්තා ලෝක කුසලානය එළඹෙන ඔක්තෝබර් මස 03 වනදා සිට පැවැත්වීමට නියමිතව තිබුණි.

නමුත් බංග්ලාදේශයේ පවතින දේශපාලන අස්ථාවරත්වය සමඟ එරටම පවත්වනවාද, නැතිනම් වෙනත් රටකට රැගෙන යන්නේ දැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉකුත් දින කිහිපයේ සලකා බලමින් සිටි අතර ඒ අනුව මෙම තීරණයට එළැඹ ඇති බව වාර්තා වෙයි.