ලබන වසරේ සිට සති අන්තය අලුත් වන රට
UAE
GOVERNMENT WORKERS
WORKING DAYS
By Sewvandhi
ලොවපුරා විවිධ රටවල් සිය රටවල වැඩකරන පැය ගණන වෙනස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විවිධ ආකාරයෙන් සොයබලයි. ඒ අනුව සතියේ වැඩකරන දින පහ තවත් අඩුකිරීමට තීරණය කළ පළමු රට බවට පත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමත්විය.
2022 ජනවාරි 01 වනදා සිට එරට දින 4 1/2ක වැඩකරන සතියක් හඳුන්වාදී තිබේ.
එම තීරණය අනුව මධ්‍යම රජයේ ආයතනවල වැඩකරන සේවකයින් සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් උදෑසන 7.30 සිට සවස 3.30 දක්වා ද සිකුරාදා උදෑසන 7.30 සිට දහවල් 12 දක්වාද සේවයේ යෙදිය යුතුය.
රජයේ සේවකයින්ට සිකුරාදා දිනවල සිය නිවෙස්වල සිට රාජකාරී කිරීමේ අවස්ථාවද ලබාදී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. එරට රජය පැවසුවේ වෘත්තීය - සාමාන්‍ය ජීවිතයේ සමානාත්මතාව රැකගැනීමට සහ සමාජ ජීවිතයේ උන්නතිය උදෙසා එම තීරණය ගත් බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |