තරුණයන් දෙදනෙක් වැලකූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මහා දුම්රිය අනතුර.

Report

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වස්කඩුව ප්‍රදේශයේ රේල් පීල්ලක ඇතිවූ පැල්මක් හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකුගේ දැනුවත් කිරීමකින් වැළකී ගිය බව වාද්දුව දුම්රිය මාර්ග අංශය පවසනවා.

කළුතර දෙස සිට කොළඹ දෙසට දුම්රිය ධාවනය වන ඉහළ මාර්ගයේ සැතපුම් 25යි දම්වැල් 20 දරණ ස්ථානයේ රේල් පීල්ලක අඟල් අටක පමණ කොටසක පැල්මක් දුටු වස්කඩුවේ තරුණයන් දෙදෙනකු ඒ සම්බන්ධයෙන් කළුතර උතුර සහ වාද්දුව දුම්රිය ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

ඒ අනුව වාද්දුව දුම්රිය ස්ථානාධිපති යූ. අයි. පී. රුද්‍රිගු මහතා වහාම ක්‍රියාත්මකවී ප්‍රධාන දුම්රිය පාලක මැදිරිය දැනුවත් කර වාද්දුව දුම්රිය මාර්ග අංශයේ කාර්මික නිලධාරීන් සහ යන්ත්‍ර සූත්‍ර සමග ඉක්මණින් එම ස්ථානයට යොමුකර අළුත්වැඩියාව සිදුකිරීමට පියවර ගත්බව දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කළා.

අලුත්වැඩියාව සිදුකරන කාලය තුළදී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඉහළ දුම්රිය මාර්ගය පැයකට වැඩි කාලයක් වසාදැමීමටද පියවර ගෙන තිබුණි.

මෙලෙස එම තරුණයන් දෙදෙනාගේ දැනුම්වත් කිරීම මෙන්ම වාද්දුව දුම්රිය ස්ථානාධිපති යූ. අයි. පී. රුද්‍රිගු මහතා ගේ ක්ෂණික ක්‍රියාත්මකවීමෙන් සිදුවීමට ඉඩතිබූ දුම්රිය අනතුරක් වැළකී ගොස් තිබෙනවා.

ලංකාව ලඟින් ගියත් ඇති බෝම්බයක් අහසින් හරි කඩාපාත් වෙනවා. - තවත් බෝම්බ බියක් නිසා අදත් කටුනායක කලබල වෙයි.

ලංකාව ලඟින් ගියත් ඇති බෝම්බයක් අහසින් හරි කඩාපාත් වෙනවා. - තවත් බෝම්බ බියක් නිසා අදත් කටුනායක කලබල වෙයි.

අරුගම්බේ ප්‍රහාරයට ලක්ෂ 50ක් වෙන් කරලා.? - ප්‍රහාරය සැලැස්මේ මහමොලකරු කොළඹදී කොටුවෙයි.? - ඇමති විජිත ප්‍රකාශයක්.

අරුගම්බේ ප්‍රහාරයට ලක්ෂ 50ක් වෙන් කරලා.? - ප්‍රහාරය සැලැස්මේ මහමොලකරු කොළඹදී කොටුවෙයි.? - ඇමති විජිත ප්‍රකාශයක්.