'එදා රෑ' චිත්‍රපටයේ විජය කුමාරතුංග වෙච්ච විශ්ව කොඩිකාර කියපු කතාව -''මං ගොඩක් ආදරය කරන දැවැන්ත චරිතයක්''

By Kanchana Sep 21, 2026 01:21 PM GMT
Report

පසුගිය දවස්වල සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතා වුන නළුවෙක් තමයි විශ්ව කොඩිකාර කියල කියන්නේ 

මේ දිනවල තිරගත වන එදා රෑ සිනමා පටයෙහි ඔහු රංගනයෙන් දයක වන චරිතය ඇහුවොත් ඔබ පුදුම වේවී . ඒ තමයි එදා මෙදා තුර ලංකවේ බිහිවෙච්ච කඩවසම් අපූරු රංගධරයා විජය කුමාරතුංග .

විජය කුමාරතුංග මහතා යනු දැවැන්ත චරිතයක්. ඒ වගේම මා අදහන, ඉතාමත් ආදරය කරන චරිතයක්. ‘එදා රෑ’ චිත්‍රපටයේ එවැනි දැවැන්ත චරිතයක් නිරූපණය කිරීමට මට අවස්ථාව ලබාදීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා  යනුවෙන් විශ්ව සදහන් කර තිබේ

චිත්‍රපටයේ මට දර්ශන කිහිපයක් පමණක් තිබුණත්, ඒ සෑම දර්ශනයක්ම ඉතාමත් ආසාවෙන් සහ ආදරයෙන් රඟපෑවා. ඒ වගේම ‘එදා රෑ’ චිත්‍රපටයේ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ චරිතයට රොෂාන් රවීන්ද්‍ර අයියා ඉතා හොඳ සාධාරණයක් ඉටු කරලා තියෙනවා. කොහොමත් රොෂාන් අයියා කියන්නේ ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙක් වන බවද සදහන් කරලා තියනවා

  ඔහු තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්

''එදා රෑ සිනමා නිර්මාණයට මාව සම්බන්ධ කර ගත්තට මම ස්තුති වන්ත වෙනවා අරුණ ජයවර්ධන මහත්තයට . විජය කුමාරතුංග වගේ දැවැන්ත චරිතයක් මට ලබා දුන්නට .මම ගොඩක් ආදරේ කරන චරිතයක් .මම අදහන චරිතයක් . ලස්සන නිර්මාණයක් අරුණ ජයවර්ධන මහත්මා කරලා  තියනවා . රොෂාන් අයියත් මිල්ටන් මල්ලවාආරච්චි මහතාගේ චරිතයට ලොකු සාධරණයක් කරල තියනවා  ,,