ආපදා අවස්ථාවල දී වහාම ප්‍රතිචාර දැක්වීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත තෑග්ගක්
ආපදා අවස්ථාවන්හිදී කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ සෙවීම සහ ගලවාගැනීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීමේ අරමුණෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මෙගා ෆෝන් 3300ක් බෙදා හැර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම මෙගා ෆෝන් බෙදාදීම කෘෂිකර්ම අමාත්‍යාංශයේදී දේශගුණික බලපෑම් අවම කිරීමේ අදියරක් වශයෙන් ලෝක බැංකු ආධාර මත සිදු විය.
මෙය කෘෂිකර්ම පශු සම්පත් / ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ව්‍යපෘතියක් බව සඳහන්.
හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
එබැවින් මෙම මෙගා ෆෝන් බෙදාදීම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇත.
එසේම මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා ද සහභාගී විය.