දෙහැවිරිදි දැරියට මරු කැඳවු රිය අනතුර
Accident
By Thaya
බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ දී සිදුවු රිය අනතුරකින් අවුරුදු 2ක් වයසැති දැරියක් ජීවිතක්ෂයට පත්වු අතර, දැරියගේ මව සහ පියා බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරිණි. යතුරුපැදිය ලොරි රථයක් පසුකර යෑමේ දී යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී යන අතර, පිටුපසින් පැමිණි ලොරි රථයේ ගැටී අනතුර සිදුවේ. අනතුරින් තුවාල ලැබු මව, පියා හා කුඩා දැරිය බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමේ දී දැරිය ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගොස් ඇත්තේ කහබිලිය, දියතලාව ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනතුර සිදුවන අවස්ථාව ඒ අසල වු CCTV කැමරාවක මෙලෙස සනිටුහන්ව තිබුණි.