එකම පුද්ගලයෙකුට ආදරය කළ 32 හැවිරිදි සහ 60 හැවිරිදි කාන්තාවන් දෙදෙනා එකම දවසේ ගෙල වැලලා ගනි..පිටු ගනනාවකින් යුත් ලිපියක්ද හමුවෙයි..!

suicide Kalubovila hospital casual love Ajith Vijesinghe
By Sewvandhi Feb 14, 2022 10:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වයස අවුරුදු 40ක පුද්ගලයෙකුට  ආදරය කළ කාන්තාවන් දෙදෙනෙක් එකම දින  ගෙල වැළලා ගැනීමෙන් අනතුරුව එක් අයෙකුට දිවි අහිමි වීමත් අනෙක් අය දැඩි සත්කාර ඒකකයක ජීවිතයත් මරණයත් අතර   ප්‍රතිකාර ලැබීමට  සිදුවීමේ  පුවතක් කළුබෝවිල රෝහලේ පැවති මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව  පිලියන්දල හදිසි මරණ පරීක්ෂක හා  අජිත් විජේසිංහ මහතා පැවසීය. 

සිද්ධියෙන් මියගොස් තිබුණේ වයස අවුරුදු 60 කාන්තාවකි. රෝහල්ගතව  දැඩිසත්කාර  ඒකකයක  ප්‍රතිකාර ලබන්නේ වයස අවුරුදු 32 ක කාන්තාවකි. ඔවුන් දෙදෙනාම පිළියන්දල පදිංචිකාරිනියන්‍ වේ. හදිසි මරණ පරීක්ෂක  අජිත් විජේසිංහ මහතා පවසන පරිදි සිද්ධිය සැකවින් මෙසේය.

මියගිය කාන්තාවගේ සැමියා  මීට වසර පහළොවකට පෙර මිය යාමෙන් අනතුරුව එයින් මාස කීපයකට පසු  ඇය වසර 25 ක තරුණයකු සමඟ සමීප ඇසුරක් පවත්වා ඇත. ඔහු තමා වෙතම නතු කර  ගැනීම සඳහා උපක්‍රමයක් ලෙස  සිය සුඛෝපභෝගී නිවස ඇතුළු සියලුම දේපල  ඔහුගේ නමට ලිවීමට ඇය  කටයුතු කර තිබිණි.  ඒ හේතුවෙන්  එවකට තරුණ වියේ සිටි  40 පුද්ගලයා  ඇය සමඟ ඉතා සතුටින්  කල දවස ගෙවන්නට  විය 

මීට දින කිහිපයකට ඉහත දී මියගිය කාන්තාවට අසන්නට ලැබී ඇත්තේ ඇය හදවතින්ම ආදරය කර සියලු දේපල නමට ලියූ පුද්ගලයා  හොර රහසේම පිළියන්දල ප්‍රදේශයේ තරුණියක්  සමඟ විවාහ වී ඇති බවයි. මෙය කන වැටීමත් සමඟම ඉවසා දරාගත නොහැකි වූ 60 හැවිරිදි කාන්තාව 32 හැවිරිදි තරුණියගේ  නිවස  සොයා ගොස් මේ පිළිබඳ විමසීමේ දී සක්සුදක් සේ එය  තහවුරු වීමෙන් අනතුරුව යළි නිවස කරා පැමිණ තිබිණි. 

බලාපොරොත්තු සුන් වී  නිවසට පැමිණි ඇය මෙහෙකාරිය  වෙළඳ සැලකට යවා  සුඛෝපභෝගී නිවසේ කාමරයක  එල්ලී දිවිනසා ගැනීමට කළ උත්සාහය ව්‍යවර්ථ වීමෙන් අනතුරුව නිවසේ සාලයට ගොස් විදුලි පංකාවේ එල්ලී මියගොස් තිබූ බව ස්ථාන පරීක්ෂණයේ දී දැකගත හැකිවූ බව  හදිසි මරණ පරීක්ෂක වරයා පැවසීය. 

ඇයගේ මළ සිරුර ආසන්නයේ තමන් වසර ගණනාවක් ආදරය කළ 40 හැවිරිදි පුද්ගලයා අමතා ලියන ලද පිටු ගණනාවකින් සමන්විත ලිපියක් ද  හමුවූ බව හදිසි මරණ පරීක්ෂක වරයා කීය.  තමා විවාහ වී තිබෙන්නේ හැට හැවිරිදි කාන්තාවක් සමග  වසර ගණනාවක් ඇසුරක් පැවැත් වූ පුද්ගලයකු සමඟ බව 32 හැවිරිදි  විවාහක කාන්තාවට ද එම කාන්තාවගෙන්ම    දැන ගැනීමට ලැබීමත් සමගම    ඇයද නිවස තුළ   ගෙළ වැළලාගෙන දිවි නසා ගැනීමට උත්සාහ දැරුවද  හාස්කමකින් මෙන් ඇයගේ ජීවිතය යම්තමට හෝ බේරි ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින්   දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට  වාසනාවන්ත වී තිබූ බව හදිසි මරණ පරීක්ෂක වරයා  පැවසීය 

තමන් සිදු කර තිබෙන්නේ දැන දැනම වරදක් ,ජීවිත සමඟයි සෙල්ලම් කර තිබෙන්නේ,මේවට නීතියෙන් දඬුවම් නැතත් හෘද සාක්ෂියෙන් ලැබෙන දඬුවම  මුළු ජීවිත කාලයටම   බැහැර කිරීමට  නොහැකි යයි තරුණයා අමතා පැවසූ බව හදිසි මරණ පරීක්ෂක අජිත්  විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now