ලිංගික රෝගයක් සදහා සාර්ථක ඖෂධයක් සොයා ගනී

Report

ගෝනෝරියා සහ MRSA (Methicillin-resistant Staphylococcus aureus) වැනි ප්‍රතිකාරවලට ඔරොත්තු දෙන බැක්ටීරියා විනාශ කළ හැකි නව ප්‍රතිජීවක දෙකක් කෘත්‍රිම බුද්ධිය (AI) මගින් සොයාගෙන ඇති බව පරීක්ෂකයන් අනාවරණය කරගෙන තිබෙනවා.

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද මෙම නව ඖෂධ, කෘත්‍රිම බුද්ධිය විසින් අණුවෙන් අණුවට සැලසුම් කර ඇති අතර, රසායනාගාර සහ සත්ව පරීක්ෂණවලදී එම රෝගකාරක බැක්ටීරියා සාර්ථකව විනාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චීනයෙන් ලංකාවට වටිනා ශිෂ්‍යත්වයක් - ලැබෙන්නේ මේ අයට

චීනයෙන් ලංකාවට වටිනා ශිෂ්‍යත්වයක් - ලැබෙන්නේ මේ අයට

කෙසේ වෙතත්, මෙම නව සංයෝගයන් සායනික භාවිතය සඳහා නිර්දේශ කිරීමට පෙර තවත් වසර ගණනාවක පර්යේෂණ සහ සායනික අත්හදා බැලීම් අවශ්‍ය වෙන බවටයි සඳහන් වෙන්නේ.

මෙම සොයාගැනීමත් සමග, MIT කණ්ඩායම පවසන්නේ, ප්‍රතිජීවක සොයාගැනීමේ ක්‍රියාවලියට AI තාක්ෂණය යොදා ගැනීමෙන් "දෙවන ස්වර්ණමය යුගයක්" ආරම්භ කළ හැකි බවයි.

ශාන්ත මගේ යාලුවා ඒත් ඌ මරපන් බනා මන්ත්‍රීගේ ඝාතනය ගැන සැකකරු සියල්ල වමාරයි

ශාන්ත මගේ යාලුවා ඒත් ඌ මරපන් බනා මන්ත්‍රීගේ ඝාතනය ගැන සැකකරු සියල්ල වමාරයි