විරෝධතා පාගමනක් ගිය කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Report

අරගලයේ මව්වරු යනුවෙන් හඳුන්වා ගනිමින් කළුතර සිට ගාලු මුවදොර දක්වා පාගමනින් යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුව පානදුර ගොරකාපොළ ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 අප වාර්තාකරු සඳහන් කළේ පොලීසියේ විශාල පිරිසක් පැමිණ එලෙස මෙම කාන්තාවන් දෙදෙනාව පොලිස් භාරයට ගෙන තිබූ බවය. එහිදී ඊට බාධා සිදුකළේ යැයි චෝදනා කරමින් තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකුව ද පොලිස් භාරයට ගෙන තිබේ.

අද (12) උදෑසන කළුතරින් මෙම පාගමන ආරම්භ කිරීමේදී ද පොලීසියෙන් බාධා එල්ලවී ඇති අතර බාධා මධ්‍යයේ ඔවුන් ගමන ආරම්භ කර තිබුණි. පසුව වාද්දුව ප්‍රදේශයේදී ද ඔවුන්ට යළිත් පොලීසියේ බාධා එල්ලවී තිබේ.

පසුව පානදුර ප්‍රදේශයේදී ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම්වීමත් සමග ඔවුන් දෙදෙනා බස් රථයකට ගොඩවී පානදුර ගොරකාපොල ප්‍රදේශයට පැමිණ තිබුණි. එහිදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත. මෙම කාන්තාවන් දෙදෙනා බොරැල්ල සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now