බඩෝවිට අසංකගේ ගෝලයකු වන දෙහිවල ටූ ටෝන් මාට්ටු
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන 'බඩෝවිට අසංකගේ' සමීපතමයෙකු වන 'ටූ ටෝන්' නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු රුපියල් කෝටි හතරහමාරකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 3කට වැඩි ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සමත්ව තිබේ.
වයස අවුරුදු 49ක් වන මෙම සැකකරු රත්මලාන ප්‍රදේශයේ කුලියට ගත් නිවසක මත්ද්‍රව්‍ය ගබඩා කර බෙදාහැරීමේ නිරතව සිට ඇති අතර, වැටලීම්වලින් බේරී පලායාම සඳහා විශේෂ පුහුණුවක් ලැබූවෙකු බවට ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකළ මෙම මෙහෙයුමෙන් පසු, අත්අඩංගුවට ගත් සැකකරු රැඳවුම් නියෝග මත තබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි.