ඩෙන්මාර්කයේ බිහිසුණු අනතුරක් - දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 17 දෙනෙකුට තුවාල[VIDEO]

Report

ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම අනතුරින් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුර ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුව ඇත.

එසේම ඒ වන විට දුම්රියෙහි ගමන් කරමින් සිට ඇත්තේ 38 දෙනෙකු පමණක් බව ද සඳහන්.

දරුණු ගින්නක් - කඩ 90කට ආසන්න විනාශ වෙලා

දරුණු ගින්නක් - කඩ 90කට ආසන්න විනාශ වෙලා

කෙසේ වෙතත් එම අනතුරෙන් 05 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර තවත් 12 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව වාර්තා විය.

මේ වන තෙක් අනතුරට හේතුව කුමක් දැයි අනාවරණය වී නැත.

කෙසේ වුවද ඩෙන්මාර්කය තුළ දුම්රිය අනතුරු ඉතාමත් දුර්ලභ වීම හේතුවෙන් මෙම අනතුර පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තා වේ.

ලොවම බලා සිටි සාම පා ගමනේ ආ හිමි නමක් හදිසියේ රෝගී වෙයි - රෝහලට

ලොවම බලා සිටි සාම පා ගමනේ ආ හිමි නමක් හදිසියේ රෝගී වෙයි - රෝහලට

මහා විනාශයක් - යුද ගිනි දැල්වලින් ලෙබනනය දිනෙන් දින සොහොන් පිටියක් වෙයි - 2400ට වැඩිය මැරිලා

මහා විනාශයක් - යුද ගිනි දැල්වලින් ලෙබනනය දිනෙන් දින සොහොන් පිටියක් වෙයි - 2400ට වැඩිය මැරිලා