පරිප්පු කන්ටේනර් 10යේ වංචාව සම්බන්ධයෙන් වාර්තාවක් දෙන්න නියෝග

Report

රුපියල් කෝටි 08කට අධික වටිනාකමකින් යුත් පරිප්පු කන්ටේනර් සහ යන්ත්‍රෝපකරණ වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු කළ පැමිණිල්ලකට අනුව ලංකාවේ ලියාපදිංචි සමාගමක අධ්‍යක්ෂවරුන්ට එරෙහිව මෙම විමර්ශනය ක්‍රියාත්මක වන අතර, සැකකරුවන්ට දැනටමත් විදේශ ගමන් තහනමක් පනවා ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ප්‍රවේසම් වෙන්න- 'ශ්‍රි ලන්කන් එයාර්ලයින්' නාමය භාවිත කරමින් සිදු කරන මුදල් වංචාවක් ගැන තොරතුරු හෙළි වෙයි

ප්‍රවේසම් වෙන්න- 'ශ්‍රි ලන්කන් එයාර්ලයින්' නාමය භාවිත කරමින් සිදු කරන මුදල් වංචාවක් ගැන තොරතුරු හෙළි වෙයි

2023 වසරේ සිට ක්‍රියාත්මක මෙම විමර්ශනය සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව CIDය පැවසුවද, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා කියා සිටියේ මෙය මුදල් ගෙවීමේ ආරවුලක් මිස අපරාධමය වරදක් නොවන බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් නියෝග නිකුත් කර නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, පනවා ඇති විදේශ ගමන් තහනමට එරෙහි අභියාචනය ලබන 30 වනදා සලකා බැලීමට නියම කළේය.

අවුරුදු 13ක දරුවෙක් අතුරුදන් - මොහුව දුටුවොත් වහාම කියන්න

අවුරුදු 13ක දරුවෙක් අතුරුදන් - මොහුව දුටුවොත් වහාම කියන්න