ලංකාවේ අපනයන ආදායම ගැන නරක ආරංචියක් - මාර්තුවල දැවැන්ත පහළ යාමක්

Report

ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්ත අනුව, 2026 මාර්තු මාසයේදී භාණ්ඩ හා සේවා අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,467.31ක් වූ අතර, එය 2025 මාර්තු මාසයට සාපේක්ෂව 5.2%ක වාර්ෂික පහත වැටීමක් බව වාර්තා වේ.

එහෙත් එම අගය පෙබරවාරි මාසයේ අපනයන ආදායම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1,346.2ට සාපේක්ෂව 9.0%ක මාසික වර්ධනයක් ද පෙන්නුම් කරන බව සඳහන්.

එමෙන්ම 2026 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ යම් පසුබෑමක් දක්නට ලැබුණද, එම වසරේ මුල් මාස තුන තුළ සමස්ත අපනයන කාර්ය සාධනය ශක්තිමත්ව පැවති බවත් දත්ත වාර්තා පෙන්වා දෙන බව සඳහන්.

රත්තරන් ගැන සුබ ආරංචියක් - බිමටම බැස්ස අද රන් මිල මෙන්න

රත්තරන් ගැන සුබ ආරංචියක් - බිමටම බැස්ස අද රන් මිල මෙන්න

2026 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4,308.11ක් වශයෙන් ඇස්තමේන්තු කර ඇති අතර, එය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 1.59%ක වර්ධනයක් ලෙස සඳහන්.

තවද වැඩිදුර විස්තර අනුව, භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,180.39ක් වශයෙන් වාර්තා වී ඇති අතර, එය 4.94%ක අඩුවීමල් වේ.

එමෙන්ම සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 286.92ක් වශයෙන් ඇස්තමේන්තු කර ඇති අතර, එය 6.26%ක පහත වැටීමක් වේ.

වාහන අංක තහඩුවලට අලුතින්ම කරන්න යන දේ මෙන්න - මැයි මාසයේ අග සිට නිකුත් කරන බවටත් දැනුම්දීමක්

වාහන අංක තහඩුවලට අලුතින්ම කරන්න යන දේ මෙන්න - මැයි මාසයේ අග සිට නිකුත් කරන බවටත් දැනුම්දීමක්

කෙසේ වෙතත් මාර්තු මාසයේ සුළු පසුබෑමක් දක්නට ලැබුණද, පළමු කාර්තුව තුළ අපනයන අංශයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ස්ථාවරත්වය මනාව පිළිබිඹු වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

විදුලි කප්පාදුව පිළිබඳව රජයෙන් විශේෂ දැනුම්දීමක්

විදුලි කප්පාදුව පිළිබඳව රජයෙන් විශේෂ දැනුම්දීමක්