සිදුවූ සයිබර් සොරකම ගැන සිදුකරන විමර්ශනයට ඕස්ට්‍රේලියාවෙන් සහය

Report

 මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් හැකර්කරුවන් ඇතුළු වී සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය දැනුවත්ව සිටින බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා බලධාරීන් මේ පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතර, එම විමර්ශනයට සහාය වන ඕස්ට්‍රේලියානු නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව වාර්තා වේ.

  ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීමට ඕස්ට්‍රේලියාව තවදුරටත් කැපවී සිටින බවද ඔවුන් එය නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්‌කරුවන් විසින් සිදුකල සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංර්වධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර තිබේ

2026 ජනවාරි මාසය තුළදී, විදේශ මුදල් ප්‍රමාණයක් ගෙවීම පිළිබඳ හඳුනාගත් තොරතුරු අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (SL-CERT) හා ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය (Computer Crime Investigation Division) වෙත දැනුවත් කිරීමක් කළ බව වාර්තා වේ.

ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණ වලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිලි කිරීම සිදු කර තිබේ.

එමෙන්ම මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වෙත ද මේ පිළිබඳව පැමිණිලි කර ඇත.. මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් ද සිදුකර, අවශ්‍ය ක්‍රියායාමාර්ග ගෙන ඇති අතර නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් වේ.

ඩොලර් මිලියන 2.5ට වුණ දේ භාණ්ඩාගාර ලේකම් පහදයි

ඩොලර් මිලියන 2.5ට වුණ දේ භාණ්ඩාගාර ලේකම් පහදයි

දල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින්, අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හරහා සිදු කරන විමර්ශන සඳහා අවශ්‍ය සහාය දැක්වීම සහ අවශ්‍ය තොරතුරු ලබා දීම සිදු කර තිබේ.

ඒ වගේම දැනටමත් විමර්ශන කටයුතු සිදුවන බැවින්, එම කටයුතු වලට බාධාවක් නොවන සේ, මේ පිළිබඳව යාවත් කාලීන තොරතුරු, සුදුසු ඉදිරි අවස්ථාවක දී ලබා දීමට කටයුතු කරනු ලබයි .

ශ්‍රී ලංකාව සහ විදේශීය රාජ්‍යයන් අතර පවතින ගිවිසුම් වලට අනුගතව, අදාළ සම්බන්ධීකරණයන් සහ එකඟතාවයන් සහිතව, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇති බව  වාර්තා වේ.. 

Gallery