දිට්වා වැනසූ පවුල් 23කට රජයෙන් නිවාස ආධාර චෙක්පත්

Report

“දිට්වා” සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 23කට නිවාස ඉදිකිරීම වෙනුවෙන් රජය මඟින් ලබාදෙන ආධාර මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම අද (23) දින ඌව පළාත් සභාවේදී සිදු කර ඇත.

එහිදී ආපදාවට ලක්ව පූර්ණ හානියට පත්වූ නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 බැගින්ද, අර්ධ හානියට ලක්වූ නිවසක් වෙනුවෙන් ඇස්තමේන්තු කිරීමකින් තොරව ලබා දෙන අවම වන්දි මුදල වන රුපියල් ලක්ෂ 5 බැගින්ද ලබාදීමට නියමිත අතර, එහි මූලික අදියරෙහි චෙක්පත් ප්‍රදානය කිරීම අද (23) දිනයේ සිදු ක‍ර තිබුණා.

නිවාස අහිමි වූවන්ට රුපියල් ලක්ෂ 50ක්

නිවාස අහිමි වූවන්ට රුපියල් ලක්ෂ 50ක්

ඒ අනුව මෙහිදී පළමු අදියර (පළමු වාරිකය) යටතේ සම්පූර්ණ හානියට පත්වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 20 බැගින්ද, අර්ධ හානියට ලක්වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 3 බැගින්ද වාරික මුදල් අදාළ ප්‍රතිලාභී පවුල් වෙත ප්‍රදානය කිරීම සිදුව ඇත.

අඳාළ චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ මහතා, බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පාලිත ජයවර්ධන මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය, බදුල්ල ප්‍රාදේශීය ලේකම් තුෂාරි අනුරාධා නානායක්කාර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

වාහන අංක තහඩුවලට අලුතින්ම කරන්න යන දේ මෙන්න - මැයි මාසයේ අග සිට නිකුත් කරන බවටත් දැනුම්දීමක්

වාහන අංක තහඩුවලට අලුතින්ම කරන්න යන දේ මෙන්න - මැයි මාසයේ අග සිට නිකුත් කරන බවටත් දැනුම්දීමක්

මාරාන්තික තත්ත්වයක් - කොළඹින් රෝගීන් හමුවීමත් සමඟ මේ එන්නත් අනිවාර්යයෙන් ලබාගන්නැයි දන්වයි

මාරාන්තික තත්ත්වයක් - කොළඹින් රෝගීන් හමුවීමත් සමඟ මේ එන්නත් අනිවාර්යයෙන් ලබාගන්නැයි දන්වයි

GalleryGalleryGalleryGalleryGallery