ප්‍රදේශ කිහිපයකට නායයෑම් අවදානම් අනතුරු ඇඟවීමක්
By Shani
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම අද (23) පස්වරු 4.00 සිට හෙට (24) පස්වරු 4.00 දක්වා වලංගුවන බව එම සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටද, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, කලවාන, රත්නපුර, නිවිතිගල, පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ යන ප්‍රදේශ සඳහාද විමසිලිමත් මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
එම ප්‍රදේශවල ජනතාවට කාලගුණ තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් සිටිමින් අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස බලධාරීන් උපදෙස් ලබා දී ඇත.