මහා රෑ සිදුවුණු හොරකම
By Zara
හැටන් නගරයේ මහජන වෙළඳ පොළේ ඊයේ (02) රාත්‍රියේ වෙලදසැල් දෙකක් බිඳ ඇතුළු වී එම වෙළඳ සැල්වල තිබූ භාණ්ඩ සහ මුදල් සොරාගත් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය අංශ කිහිපයක් මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
එම වෙලදසැල්වල වහල මතින් පැමිණ ඇති සැකකරු වෙලදසැලේ සිවිලිම කඩාගෙන වෙලද සැලට ඇතුල් වී ඇති සොරකම සිදු කර සැකකරු වෙළඳ සැලට ඇතුලු වූ ස්ථානයෙන්ම පලාලොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අදාල සැකකරු එක් වෙළඳ සැළකට ඇතුළු වන ආකාරය එම වෙළඳ සැලේ සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබෙනවා.
මේ පිළිබඳවහැටන් පොලිස් කොට්ටාසයේ පොලිස් සුනඛ අංශයේ සහයෝගය ඇතිව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.