පුද්ගලයන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුරු දෙකක්
දිවයිනේ ප්රදේශ දෙකකදී සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
පිළියන්දල පොලිස් වසමේ නව බස්නැවතුම්පල මාර්ගයේදී, මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකු ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. එහිදී බරපතල තුවාල ලැබූ පදිකයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 71ක් වූ මඩපාත ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
තවද සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
තවත් අනතුරක් දොම්පේ පූගොඩ මාර්ගයේ ගිරිදර ප්රදේශයේදී පූගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්ගත් පදික කාන්තාවකගේ ගැටීමෙන් ද සිදුව තිබේ.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව දොම්පේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ .
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවරුදු 47ක් වූ කපුගොඩ ප්රදේශයේ පදිංචිකාරියෙකි.
ඒ වගේම අනතුරින් යතුරුපැදිකාරිය හා පසු පැදිකාරියද තුවාල ලබා දොම්පේ රෝහලේ ප්රතිකාර ගනු ලබයි.
මෙම අනතුර සම්බන්ධයෙන් දොම්පේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .