කුවේට් ඇවිලෙයි - කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාරයක්

Report

මැදපෙරදිග යුද උණුසුම තවදුරටත් වර්ධනය කරමින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත.

වාර්තා වන ආකාරයට ඉරානය විසින් එල්ල කරන ලද බවට සැකකෙරෙන මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා (Suicide Drones) කිහිපයක් මෙලෙස ගුවන්තොටුපළ පරිශ්‍රයට පතිත වී ඇත.

යුද්දේ නවතින පාටක් නෑ වගේ - ට්‍රම්ප්ගෙන් අලුත්ම ආරංචියක්

යුද්දේ නවතින පාටක් නෑ වගේ - ට්‍රම්ප්ගෙන් අලුත්ම ආරංචියක්

කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුව, මෙම ප්‍රහාරයෙන් ගුවන්තොටුපළේ රේඩාර් පද්ධතියට (Radar System) දැඩි හානි සිදුව ඇත. කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල වීමක් පිළිබඳ වාර්තා වී නොමැති බව බලධාරීන් තහවුරු කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පවතින ආරක්ෂක අවදානම හේතුවෙන් ගුවන්තොටුපළේ කටයුතු තාවකාලිකව සීමා කිරීමට ඉඩ ඇති බවයි. 

අද සිට ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමයක් - QR නැත්නම් ඉන්ධන නැහැ

අද සිට ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමයක් - QR නැත්නම් ඉන්ධන නැහැ