නිලධාරීන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කරයි
Israel
Law and Order
Gun Shooting
Murder
Sinhala news
By Kaushi
ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙක් අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී නගරයේ යුදෙව් කෞතුකාගාරය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
එරට පොලීසිය ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් පසු සැකකරුවන් විසින් "නිදහස්, නිදහස් පලස්තීනය" යනුවෙන් කෑ ගැසූ බවයි.
ඒ අනුව නිලධාරීන්ට වෙඩි තබා ඇත්තේ යුදෙව් කෞතුකාගාරයේ පැවති උත්සවයකින් පසුව ඉන් පිටව යමින් සිටින අවස්ථාවේ දී බව සඳහන්.
වෙඩි තබන අවස්ථාවේ ස්ථානයේ සිව්දෙනෙකු සිට තිබෙනවා.
ඉන් දෙදෙනෙකුට මෙසේ වෙඩි වැදී ඇති බව පවසයි.
මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් 30 හැවිරිදි එලියාස් රොඩ්‍රිගස් නම් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම ඔහු චිකාගෝ හි පදිංචිකරුවෙකු බවට ද තොරතුරු වාර්තා වේ.
