දෙයියනේ අඹුසැමි යුවලක් යහනේදීම පස් කන්දට යට වේ.
By Mithu
තලාතුඔය පොලිස් වසමේ මැදගම පල්ලේගම ප්රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එහි දියුණුව සිටි අඹුසැමි යුවළක් මියගොස් තිබෙන බව පොලීසිය පවසයි.
අධික වර්ෂාව හේතුවෙන් නිවසට පිටුපසින් ඇති පස් කන්ද නාය යෑමෙන්, යුවළ සිටි කාමරය සම්පූර්ණයෙන්ම පස්වලට යටවී තිබේ.
මරුට පත්වී ඇත්තේ හේරත් මුදියන්සේලාගේ ගාමිණි හේරත් (76) සහ ජම්බුගහගෙදර පොඩි මැණිකේ (78) නමැති අඹුසැමි යුවළ වෙයි. අනතුර ඊයේ (26) රාත්රී 11.00ට පමණ සිදුවූ අතර, ප්රදේශවාසීන් පැය දෙකක මෙහෙයුමකින් ඔවුන් පිටතට ගෙන උත්සාහ කළද, එහිදී ඔවුන් මියගොස් තිබූ බවයි වාර්තා වේ.
අනතුර සිදුවූ විට නිවෙසේ සිටියේ ඔවුන් දෙදෙනා පමණක් වූ අතර, ඔවුන්ගේ පුත්රයා කොළඹ රැකියාවක නියුතුව සිටින බවද පොලීසිය සඳහන් කරයි. මියගිය පුද්ගලයන්ගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර ජාතික රෝහල වෙත යොමු කර ඇත.