හදිසියේම ප්‍රබල බෝම්බ ප්‍රහාරයක් - කොලොම්බියාවේ 14ක් මරුට
නිරිතදිග කොලොම්බියාවේ කාර්යබහුල මාර්ගයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රබල බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කර ඇත.
මියගිය පිරිසට අමතරව කුඩා ළමුන් පස් දෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් 38 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව එම වාර්තාවේ සඳහන් වේ. මෙම පිපිරීම සිදුව ඇත්තේ කොලොම්බියාවේ ප්‍රධාන මාවතක් වන 'පෑන්-ඇමරිකන්' (Pan-American) මහාමාර්ගයේ කාජිබියෝ ප්‍රදේශයේදීයි.
එහිදී, සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් මහාමාර්ගයේ මීටර් කිහිපයක් ගැඹුරු ආගාධයක් නිර්මාණය වී ඇති අතර, අසල තිබූ මෝටර් රථ, ට්‍රක් රථ සහ බස් රථ රැසකට දැඩි හානි සිදුව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන් වන පරිදි, කොකා (Cauca) ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඔක්ටේවියෝ ගුස්මාන් ප්‍රකාශ කර ඇත්තේ, මෙය හුදෙකලා සිදුවීමක් නොවන බවත්, සති අන්තයේ රට පුරා දියත් වූ දරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවක කොටසක් වන බවයි.