ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රි භෝජන සංග්‍රහයට වෙඩි - වහාම ට්‍රම්ප්ව ඉවත් කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් එක්වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර ඇසුණු සැක සහිත වෙඩි හඬකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු පිරිස වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වොෂින්ටන් හී වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැත්වෙමින් තිබූ මෙම වාර්තාකරුවන්ගේ වාර්ෂික භෝජන සංග්‍රහය අතරතුර මෙම සිදුවීම සිදුව ඇති බවය. දැඩි ලෙස සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් විසින් ජනාධිපති ට්‍රම්ප්ව ආරක්ෂිතව එම ස්ථානයෙන් රැගෙන යාමට පියවර ගනු ලැබ ඇත.
මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත. ඒ අනුව, ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු ආරක්ෂක අංශ විසින් "අත්අඩංගුවට ගෙන ඇති" (Apprehended) බව ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
එම සටහන මගින් බාධාවකින් තොරව උත්සවයේ කටයුතු ඉදිරියට කරගෙන යා යුතු බව පවසන ජනපතිවරයා "ප්‍රසංගය දිගටම කරගෙන යමු" (LET THE SHOW GO ON) යනුවෙන් සඳහන් කර තිබේ. උත්සවය පැවැත්වෙමින් තිබියදී "මහා හඬක්" ඇසීමත් සමඟ ජනාධිපතිවරයා සහ බිරිඳ මෙලානියා ට්‍රම්ප්ව රහස් ඔත්තු සේවා නිලධාරීන් විසින් වහාම ආරක්ෂිත ස්ථානයක් කරා ඉවත් කරනු ලැබුවා.