මාරක අනතුරු දෙකක් - ජීවිත දෙකක් අහිමි වෙයි
දඹුල්ල, වැලිහේන බුලාගල අතුරු මාර්ගයේ වැලිහේන ප්රදේශයේදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක තරුණයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම අනතුර බුලාගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් සිදුව ඇති බව සඳහන්.
එසේම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ප්රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන දඹුල්ල පොලිසිය විසින් සිදු කරයි.
මේ අතර ගාල්ල උඩුගම මාර්ගයේ ගල්ගොඩදෙණිය හන්දිය ආසන්නයේදී සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ගාල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පලක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පවසයි.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ප්රතිකාර ලබමින් සිටියදී පැදිකරු මියගොස් ඇති අතර ඔහු වයස අවුරුදු 27ක් වූ උඩුගම ප්රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.
එමෙන්ම අක්මීමණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.