දක්ෂිණ අධිවේගී මාර්ගයේ හදිසි අනතුරක්- වාහන 3ක් එකට ගැටී එකක් පෙරළෙයි
By Kanchana
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ මංතීරුවේ වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අද (11) පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ.
කොක්මාදූව සහ ඉමදූව අතර 115 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
අනතුරින් එක් වාහනයක් පෙරළී ඇති අතර, පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අනතුර හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයටද තාවකාලිකව බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ.