"මේ වගේ පිස්සො ටිකක් මං කොහෙවත් දැකලා නෑ" - සීලරතන හිමි ආණ්ඩුවට දෙහි කපයි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලාංඡනයට ත්‍රිශූලය සහ කුරුස ලකුණ එක් කිරීමට ගෙන ඇති බව කියන යෝජනාවකට විරෝධය පළ කරමින් බත්තරමුල්ලේ සිලරතන හිමියන් අද (11) කොළඹ පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
එහිදී උන්වහන්සේ පුරාවිද්‍යා ලේකම්වරයා වෙත ලිපියක් ද භාරදී තිබේ.
පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බත්තරමුල්ලේ සිලරතන හිමියන් සඳහන් කළේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලාංඡනයට අදාළව මෙවැනි වෙනස්කම් සිදුකිරීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානය යොමු කරන බවයි.
මෙවැනි ක්‍රියාමාර්ග මගින් වත්මන් ජනාධිපතිවරයාගේ මෙන්ම ජනතාවගේද මනස අවුල් කිරීමට උත්සාහ කරන බවට උන්වහන්සේ චෝදනා කළහ.
එමෙන්ම, පුරාවිද්‍යා ක්ෂේත්‍රයට සහ රටේ සංස්කෘතික උරුමයන්ට හානි සිදුවන ආකාරයේ ක්‍රියාමාර්ග සිදු නොකළ යුතු බව ද උන්වහන්සේ අවධාරණය කළහ.
පසුගිය රජයන් යටතේ පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කළ බව සඳහන් කළ උන්වහන්සේ, වත්මන් රජයේ ජනාධිපතිවරයා නොමඟ යවමින් මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කරන බවට ද චෝදනා කළහ.
මෙහිදී වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ සිලරතන හිමියන්, ජනතාවට ලබාදුන් පොරොන්දු සම්බන්ධයෙන් රජය වගකීමෙන් කටයුතු කළ යුතු බව ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලාංඡනය වෙනස් කිරීම සම්බන්ධයෙන් නිල වශයෙන් ගෙන ඇති තීරණය සහ එහි අරමුණ පිළිබඳව තවදුරටත් තොරතුරු අනාවරණය වී නොමැත.