මෙවැනි උපාධිධාරීන්ට වෙනම සංගමයක් - විරැකියාව ඇතුළු ගැටළු රැසකට
ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමය (SLDGA) අයිතිවාසිකම් සහ අනාගතය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් නිල වශයෙන් ආරම්භ කර ඇත.
මෙම සංගමයේ අරමුණ වර්තමානය වන විට ශ්‍රවණාබාධිත උපාධිධාරීන් බහුතරයක් පිරිස විරැකියාවෙන් පෙළීම, ශ්‍රව්‍යාබාධිත උපාධිධාරී ප්‍රජාවගේ හැකියා හා කුසලතාවන්ට ගැළපෙන රැකිය ලබා දීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ සමාජයේ නිසි තැන ලබා දීමයි.
මෙහි කොළඹ, මොරටුව, කැලණිය, ජයවර්ධනපුර සහ රුහුණ ආදී විශ්වවිද්‍යාලවල විද්‍යා, වාණිජ, කලා සහ අභ්‍යන්තර උපාධි හිමි කරගත් ශ්‍රවණාබාධිත උපාධිධාරීන් පිරිසක් මින් නියෝජනය වේ.
මෙම සංගමයේ පළමු සාමාජික හමුව “Friendly together -2026” නමින් මොරටුව ප්‍රදේශයේදී පසුගියදා පවත්වා ඇති අතර සංගමයේ සභාපති ලෙස නිතිල සල්පදෝරු, ලේකම් ලෙස උමාෂා චමෝදි, භාණ්ඩාගාරික ලෙස සඳුනි අහිංසා සහ වැඩසටහන් සංවිධායක ඕෂාධි පලන්සූරිය ඇතුළු විධායක කමිටුවකින් ක්‍රියාත්මක වේ.