Asia Cup එක අතරතුර ක්‍රිකට් කණ්ඩායමක දෙන්නෙක් කොළඹ කැසිනෝ ගිහින් - සමාජ මාධ්‍යත් කැළඹෙයි..
Colombo
Sri Lanka
Pakistan
Pakistan national cricket team
By krishani
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ දෙදෙනෙක් කොළඹ කැසිනෝ ශාලාවකට ගිය අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝපට මේ වන විට සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වන බව වාර්තා වේ.
ඒ පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් මාධ්‍ය කළමණාකරු උමාර් ෆාරුක් කල්සන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අද්නාන් අලි යන දෙදෙනායි.
මොවුන් දෙදෙනා පාකිස්ථානු කණ්ඩායමට අයත් සාමාජිකයන් ලෙස නිල වශයෙන් කොළඹට පැමිණ ඇත.
මේ වන විට මේ සම්බන්ධයෙන් ICC හි දූෂණ මර්දන ඒකකයේ අවධානයට ලක්ව ඇති බව වාර්තා වේ.
ඒ සූදු පොළකට යෑම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ආචාර ධර්ම සංග්‍රහයට පටහැනි බැවින් ය.
කෙසේ වෙතත්, පකිස්තාන ක්‍රිකට් රසිකයින් සමාජ මාධ්‍යවල කියා සිටින්නේ සිය නිලධාරීන් සූදුවෙහි යෙදීමට තරම් “නොමේරූ” සහ “නොසැළකිලිමත්” වන්නේ කෙසේ ද යන්නෙන් ය.
