මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් කොටු?...

factory liquor
By Thaya Jan 13, 2021 05:27 PM GMT
Thaya

Thaya

Report

අලව්ව වෙනිවැල්කඩුව හා කෝදාපාලුව ප්‍රදේශයේ මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරය දෙකක් වටලා රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින්අද (11)අළුයම අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 5000 ක් ,දගර දෙකක් හා බැරල් ඇතුළු උපකරණ තිබු බව මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ජානක මලවි පතිරණ මහතා පැවසුවේය.

ඉතා රහසිගතව ඝන කැලෑවක් තුළ ඇලක් ආශ්‍රිතව ගෑස් ලිප් භාවිතයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර දෙක දැඩි පරිශ්‍රමයක් යොදා කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම නියමිය.

මධ්‍ය පලාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න ,සුරාබදු අධිකාරී තිස්ස ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත ,මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවි පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරබදු පරීක්ෂක සරත්, සැරයන් ජයලත් නියාමක වරුන්වන 10052 තරිදු ,10053සංඛ ,10055 උදාර ,1139 ධනුෂ්ක යන නිලධාරිධාරීහු මෙම වැටලිම සිදු කළහ.

GalleryGallery