බිහිසුණු අනතුරකින් මවටයි පුතාටයි දෙන්නටම දිවි අහිම් වෙයි - අවුරුදු එකහමාරක මල් කැකුළටත් බරපතළයි
By Kaushi
දඹුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ බකමූණ, දමනයාය ප්‍රදේශයේ දී පෞද්ගලික මගී බස් රථයක යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව වාර්තා වූයේ අද (11) අලුයම සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 63 හැවිරිදි මව සහ 43 හැවිරිදි ඇගේ පුත්‍රයා බවයි.
එමෙන්ම මියගිය පුද්ගලයාගේ අවුරුදු එකහමාරක වයසැති පුත්‍රයා ද බරපතළ තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණු බව සඳහන්.
ඔවුන් කළුන්දෑව ප්‍රදේශයේ උපන් දින සාදයකට සහභාගි වී යළි නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇත.
එසේම මෙම අදාළ බස් රථය කොළඹ සිට කල්මුණේ බලා ධාවනය වෙමින් තිබී ඇති අතර ඊට ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදිය දමනයාය ප්‍රදේශයෙන් හැරවීමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරු, බකමූණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.