අවුරුදු උලෙළේ ජන ක්‍රීඩා දෙකක නම් වෙනස් කෙරේ.

Sinhala and Tamil New Year Government Of Sri Lanka
By Gagana Apr 09, 2024 01:05 PM GMT
Gagana

Gagana

Report

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයන්හි දී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජයේ ආකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් ''කණා මුට්ටිය බිඳීම'' සහ ''අන්ධයාට කිරිකැවීම'' යන ජන ක්‍රීඩාවල නම් වෙනස් කළ යුතු බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් සඳහන් කරනවා.

ඒ අනුව එම ක්‍රීඩාවල නම් “වාසනා මුට්ටිය බිඳීම'' සහ ''සගයට කිරි කැවීම” ලෙස වෙනස් කර ඇත.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ , සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.