සරුංගලයක් යවමින් සිටි දරුවන් දෙදෙනෙකුට නොහිතු ඇබැද්දියක්..

Sri Lanka Police Sri Lanka School Children
By Piyumika Oct 07, 2024 02:04 AM GMT
Piyumika

Piyumika

Report

සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලි රැහැනකින් විදුලිසර වැදී සිසුන් දෙදෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

වසරක් පුරාවට කල සුක්ෂම මෙහෙයුමෙන් කොටු වුනු හිටපු ප්‍රාදේශීය සභා සභාපති..

වසරක් පුරාවට කල සුක්ෂම මෙහෙයුමෙන් කොටු වුනු හිටපු ප්‍රාදේශීය සභා සභාපති..

මෙලෙස තුවාල ලබා ඇත්තේ, බණ්ඩාරගම බමුණු මුල්ල අලවත්ත හේන සහ අටලුගම කුරුඳුවත්ත පදිංචි 13 හැවිරිදි දරුවන් දෙදෙනෙක්.

ඔවුන් මේ වනවිට රෝහලට ඇතුළත් කර ඇති බවයි, පොලිසිය සඳහන් කළේ. තුවාලකරුවන් දෙදෙනා සහ තවත් දරුවෙක් එක්ව බණ්ඩාරගම අටලුගම කුරුඳුවත්ත දරුවා පදිංචි තෙමහල් නිවසේ ඉහළ කොටසේ සිට විනෝදයට සරුංගලයක් යවමින් සිට තිබෙනවා.

අහඹු අවාසනාවන්ත සිදුවීමකින් දෙදරු පියෙක් මරුට ..

අහඹු අවාසනාවන්ත සිදුවීමකින් දෙදරු පියෙක් මරුට ..

එය නිවස ආසන්නයේ පිහිටි අධිබලැති විදුලි රැහැනක පැටලී ඇති බව සඳහන්. ඇල්මිනියම් බටයක් ආධාරයෙන් එය ගැනීමට උත්සාහ කිරීමේදී එකවරම ඇසුණු විශාල පිපිරීමක් සමගම විදුලි සැර වැදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.