සියලුම බැංකු වර්ජනය කරද්දී බැංකු දෙකක් අද වැඩ.

The Bank of Ceylon Sri Lanka Economic Crisis Sri Lanka People's Bank
By Wayomi Mar 01, 2023 03:47 AM GMT
Wayomi

Wayomi

Report

අද (01) දිනයේ දී ද සිය ගනුදෙනු කරුවන් වෙනුවෙන් උපරිම සේවාවක් සැලසීමට තම බැංකු සූදානම් බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරු පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ, ඊයේ (28) ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අයගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවකදීයි.

රටේ ආර්ථිකය ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් නොකොට ඊට සහාය ලබා දීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීම වන අතර ඒ වෙනුවෙන් බැංකු සේවකයන් ද තම වගකීම ඉටු කරනු ඇති බවටයි ඔවුන් විශ්වාස කරන්නේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  

JOIN NOW