සේදවත්තේ කසුන්ගේ සමීපතමයන් දෙදෙනෙකු අත්තඩංගුවට..
By Piyumika
අද (02) අළුයම කෙරුන විමර්ශනයකදී සේදවත්ත ප්‍රදේශයේ ඝාතනයකට යොදා ගත් බවට සැක කරන ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් මැගසින් දෙකක් උණ්ඩ 26 ක් සහ හොරොයින් ග්‍රෑම් 100 ක් සමගින් කාන්තාවක ඇතුළුව දෙදෙනකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශනය ඒකකය පැවසුවේ ය.
මෙලෙස අත් අඩංගුවට පත්වූ සැකකරු සහ සැකකාරිය විදෙස් ගතව ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන සේදවත්තේ කසුන් නමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙකු බවට අනාවරණය වී ඇත.
සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන වැඩි දුරටත් ප්‍රශ්න කිරීමට නියමිත වේ.