ජපානය අනතුරේ - ප්‍රචණ්ඩ ඩොල්ෆින් සුළි කුණාටුව පැයට කිලෝමීටර 198ක වේගයෙන් සියල්ල වනසයි

Report

ඩොල්ෆින් සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ දකුණු ඔකිනාවා දූපතට බලපෑම් එල්ල වී ඇත. ඒ අනුව සුළි කුණාටුවෙන් පස් දෙනෙකු තුවාල ලබා ගොඩනැගිලි 14,000 කට විදුලිය විසන්ධි කර ඇති අතර, බලධාරීන් වරාය, පාසල් සහ සංචාරක ස්ථාන වසා දමා ඇති බව සඳහන් කරයි.

එසේම එය නැගෙනහිර චීනය දෙසට ගමන් කරමින් සිටින බව වාර්තා වේ.

ඔකිනාවා දූපත සහ කගෝෂිමා ප්‍රාන්තයේ අමාමි දූපත ජපානයේ ප්‍රධාන වශයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ අතර වන අතර ඔකිනාවන් ප්‍රාන්ත රජය සඳහන් කළේ, වයෝවෘද්ධ පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතයට තර්ජනයක් නොවන තුවාල ලබා ඇති අතර, තිදෙනෙකු සුළඟ හේතුවෙන් වැටී ඇති බවයි.

එමෙන්ම ඩොල්ෆින් සුළි කුණාටුව හේතුවෙන් ඔකිනාවා හි මෙන්ම චීනයේ සහ තායිවානයේ ද ගුවන් ගමන් අවලංගු වී ඇත.

ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර ප්‍රතික්ෂේප වේ.. පිටු ගණන අඩු කිරීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නැද්ද? බරපතළ චෝදනාවක්

ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර ප්‍රතික්ෂේප වේ.. පිටු ගණන අඩු කිරීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නැද්ද? බරපතළ චෝදනාවක්

හොංකොං හි චීන සුදු ඩොල්ෆින් නමින් නම් කරන ලද මෙම සුළි කුණාටුව නැගෙනහිර ආසියාවේ වාර්තාගත තාප තරංගයක් මධ්‍යයේ පැමිණෙන බව සඳහන්.

මේ අතර ජපන් සත්වෝද්‍යානයක සිංහයන් තිදෙනෙකු සැක සහිත තාප පහරකින් මිය ගිය අතර, දකුණු කොරියාවේ අධික උෂ්ණත්වය හේතුවෙන් මරණ 20 කට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇති බව වාර්තා වේ.

ඉකුත් ජූලි 26 වන දින මතු වූ නිවර්තන අවපාතයකින් ඩොල්ෆින් වර්ධනය වූ අතර, එය පැසිෆික් සාගරය හරහා කිලෝමීටර් දහස් ගණනක් ගමන් කරමින් මධ්‍යම පැසිෆික් සාගරයේ විවෘත ජලයට ඉහළින් පැයට කිලෝමීටර 45 (පැයට සැතපුම් 30) වේගයෙන් ගමන් කර ඇත.

අනිද්දා ශිෂ්‍යත්ව විභාගයට රට පුරා විභාග මධ්‍යස්ථාන 2,723ක් - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අනිද්දා ශිෂ්‍යත්ව විභාගයට රට පුරා විභාග මධ්‍යස්ථාන 2,723ක් - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

එසේම එහි ගමන අතරතුර, එය නිවර්තන කුණාටුවක් දක්වා ශක්තිමත් වී පසුව දරුණු නිවර්තන කුණාටුවක් දක්වා වර්ධනය වී ජූලි 28 වන දින සුළි කුණාටුවක් බවටත් පසුව ඉතා ශක්තිමත් සුළි කුණාටුවක් බවටත් පත් ව ඇත.

එමෙන්ම 1 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස සැලකෙන ඩොල්ෆින් පැයට කිලෝමීටර 198ක වේගයෙන් හමා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

අද කැරට් 24 රන් පවුමක් මෙච්චරයි - හිතුවට වඩා මිල වෙනස් වුණ අද රන් වෙළඳපොළේ මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුමක් මෙච්චරයි - හිතුවට වඩා මිල වෙනස් වුණ අද රන් වෙළඳපොළේ මිල ගණන් මෙන්න