නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවත් සමග..උපකාරක පන්ති නැවතත් ඇරඹෙන දිනය මෙන්න..
COVID19
GUILD LINES
EDUCATION
TUITION CLASSES
By Sewvandhi
අද (16) සිට මේ මස 30 වනදා දක්වා ක්‍රියාත්මක වන ලෙස නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිවසින් බැහැරව යෑම හැකිතාක් දුරට අවම කරන ලෙසයි දක්වා ඇත්තේ.
එමෙන්ම උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ උපකාරක පන්ති සියයට 50ක ධාරිතාවයකින් ආරම්භ කිරීමට අවසර ලබා දී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඊයේ නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දෙසැම්බර් 1 වන දා සිට ප්‍රදර්ශන සහ සම්මේලන සඳහා අවසර හිමිවනවා.
මෙතෙක් පැවති සියයට 25ක් වූ සිනමා ශාලාවල ධාරිතාවය සියයට 50 දක්වා වැඩිකර තිබෙනවා. එමෙන්ම දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විභාග පැවැත්වීමට ද අවසර දී ඇති බවයි මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.
සම්පුර්ණ මාර්ගෝපදේශ පහතින් දැක්වේ..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




