ක්ලාස් එකේදි සිසුවියකගේ නිරුවත වීඩියෝ කළ ටියුෂන් ගුරා.. ඇය අවසන් වශයෙන් කළ ඉල්ලීම මෙන්න..
මේක කොළඹ කතාවක් වුණත් 'කොළඹට විතරක්' අයිති නෙවෙයි. කොළඹ කියන්නෙ අතිශය ජරා ජීර්ණ තෝතැන්නක්...
ඒත් මේක ඇතුළේ සුන්දරයි කියන මිනිස්සු ටිකකුත් ඉන්නවා. මේ කතාව ඔබට කියන්න හේතුවක් තියෙනවා.
ඇත්ත වශයෙන්ම ඒ කතාව අවුරුදු ගාණක් ඉපැරණි එකක්. ඒත් ඔබට කියන්නම ඕනි එකක්.
එක ටියුෂන් කෙරුමෙකුගේ සල්ලිවලට යටවෙලා ජීවිතයෙන් වන්දි ගෙවූ දැරිවියක්. අනාගතේ ගැන හීන මවාගෙන හිටපු කෙල්ලෙක් මළිමිනියක් වෙනවා.
"සර්...... මම එයා කියපු දේ ගැන හිතලා බැලුවා. ඔයා කිව්වනේ මගේ ලස්සන වීඩියෝ වගයක් ඔයා ළඟ තියෙනවා කියලා. ඒවා සීඩී වලට ගහලා අරන් තියාගෙන ඉන්නවා කියලා.
කමක් නෑ සර්. සර් ඕනි නම් ඒවා පිටකොටුවේ ඩීවීඩී කඩේකටම දෙන්න විකුණගන්න කියලා.
මට ඕනි නෑ සර්ගෙන් පළිගන්න. මම කරපු වරද, සර්ගේ ටියුෂන් එකට ආපු එක,... ඒකේ ටොයිලට් එකට ගිහින් චූ කරපු එක..
මම දන්න විදිහට ඒක වරදක් නෙවෙයි සර්.. ඒත් සර්ට අනුව ඒක වරදක්.
සර්ට ඕනි වුණේ මගේ නිරුවත බලන්න. ඊට පස්සෙ මාව ළඟ තියාගෙන නිරුවත් කරන්න." "සර් දන්නවද මගේ ඇඟ තාත්තාවත් අල්ලනවට මම කැමති නෑ.
ඒක පිළිකුලක් නෙවෙයි. ඒත් වෙලාවකට මම ආස නෑ පිරිමින්ට. මගේ අම්මා එක්ක රංඩු කරන තාත්තාගේ කටින් එන බියර් ගඳට මම ආස නෑ. පිරිමින්ව මට පිළිකුල් කළේ එයා.
ඉතින් සර් හිතන්න එපා, සර් වගේ ජරා තිරිසන් ආසාවල් තියෙන කෙනෙක්ට මම මගේ ඇඟ දේවි කියලා රහ කර කර වළඳන්න.
සර්ට පුළුවන් නම් මගේ මරණේ ආරංචි වෙච්ච ගමන් වොශ් රූම් එකේ කැම් එක ගළවන්න.. මම කැමති තවත් කෙල්ලෙක්ට මේ දේ වෙනවා දකින්න.
හොඳින් ඉන්න සර්..!" "අම්මා... අම්මේ ආයේ ක්ලාස් යන්න ඔයාගේ දෝණි එන්නෙ නෑ.
මගේ මේ මරණෙට හේතු වෙන කෙනා එක්ක සටන් කරන්න අම්මට හයියක් නැතිවෙයි.
මට අම්මව දාලා යන්නත් හයියක් නෑ. ඒත් මම යනවා. මගේ මරණේ වුණ ගමන් ක්ලාස් එකේ සර්ට කියන්න වොශ් රූම් එකේ කැම් එක අයින් කරන්න කියලා.
මොකද අම්මාගේ දූ වගේම තවත් දෝණිලා ගොඩකගේ නිරුවත එයා ළඟ තියෙනවා.
සර් මට අතවර කරන්නයි ට්‍රයි කළේ. මම තාත්තා ඇරුණම මේ ලෝකේ වැඩිපුර ම වෛර කරන්නෙ ඒ පිරිමියට.
මම මේක යන්න ඕනි ගමනක්ද මම දන් නෑ..." "ඒත් දවසක සර් මගේ වීඩියෝ එළියට දැම්මම අම්මත් දකිවී.
එතනදී අම්මට ඒ පීඩනය දරාගන්න බැරිවෙයි. සමාවෙන්න මගේ අම්මේ.
එදාට මට සටන් කරන්න බැරි නිසා මම මේ විදිහට සමුගන්නම්.."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |