දැවැන්ත සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්..
දේශගුණික විපර්යාසයන් හමුවේ ඇන්ටාක්ටිකාවෙන් යෝධ මාරාන්තික සුනාමියක් ඇතිවිය හැකි බවට නවතම අධ්‍යයනයකින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
මෙම අධ්‍යයනයන්ට අදාළ විශේෂ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා වලින් මේ බව අවධාරණය කර ඇත.
එම අධ්‍යයනය හරහා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඇන්ටාක්ටිකාවේ දිය යට සිදුවන නායයාම් හේතුවෙන් පෘථිවියේ දකුණු පසින් වූ සාගරයේ යෝධ සුනාමියක් ඇතිවිය හැකි බවයි.
එහි පරිමාණය පිළිබඳව නිසි සඳහනක් නොමැති වුවද එමගින් මීට වසර මිලියන ගණනකට පෙර එවැනි සුනාමි තත්ත්වයක් ඇතිවූ බවටද සාක්ෂි උපුටා දක්වා තිබීමද විශේෂත්වයක්.
ඒ අනුව වසර මිලියන ගණනකට පෙර දකුණු ඇමෙරිකාව, නවසීලන්තය සිට ගිණිකොණදිග ආසියාව දක්වා මෙම සුනාමි රළ ඇතිවී තිබෙන බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
අදාළ විශේෂඥයින් එමගින් වැඩිදුරටත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ සුනාමි අනතුරු ඇඟවීම් හඳුනාගැනීමේ තාක්ෂණය තවදුරටත් වර්ධනය කළ යුතු බවටයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |