මෙරට චිත්‍රපටයක් රටවල් 1800 ක් අතරින් සම්මාන දෙකක් දිනා ගනියි. (VIDEO)

sri lanka Tsunami Niranjani shanmugaraja film awrds
By Sithumi Oct 25, 2021 06:02 PM GMT
Sithumi

Sithumi

Report

2021 Bayelsa ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ශ්‍රී ලංකාවේ “සුනාමි” චිත්‍රපටය ඉහළම සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව චිත්‍රපට අධ්‍යක්‍ෂක, තිර රචක සහ නිෂ්පාදක සෝමරත්න දිසානායක මහතා හොඳම අධ්‍යක්‍ෂණයට (සුනාමි) හිමි සම්මානය දිනා ගත් අතර හොඳම නිළිය සඳහා වූ සම්මානය නිරංජනී ෂන්මුගරාජා මෙනෙවිය සුනාමි චිත්‍රපටය වෙනුවෙන් දිනා ගත්තා.

සුනාමි චිත්‍රපටය මෙරටට බලපෑ සුනාමි ඛේදවාචයෙහි අතුරු කතාවක් අලලා නිර්මාණය වූ චිත්‍රපටයක් වන අතර එය සෝමරත්න දිසානායක මහතාගේ බිරිද වන රේණුකා බාලසූරිය මහත්මිය විසින් නිෂ්පාදනය කෙරුණා.

එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි, නිරංජනී ෂන්මුගරාජා, දර්ශන් ධර්මරාජ් යන අය රංගනයෙන් දායක වූ අතර සංගීතය රෝහණ වීරසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූවා.

පසගියදා ජනප්‍රිය රංගන ශිල්පිනිය නිරන්ජනී ෂන්මුගරාජා තරු විත් ගගන වැඩසටහනට සහභාගී වී සහභාගිවී පළ කළ අදහස් පහතින් නරඹන්න.

"මං කැමතියි ලිංගික ශ්‍රමිකයෙකුගේ චරිතයක් රගපාන්න" 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now