සුනාමිය ගැන වසර 20ක කඳුලු කතාව අද අලුත් වෙයි..1700කට වඩා මිය ගිය දුම්රියේ අඳුරු මතකය මෙන්න.(PHOTOS)

Tsunami Sri Lanka Indonesia Earthquake Death
By Aruna Dec 26, 2024 02:58 AM GMT
Aruna

Aruna

Report

එදා මෙදා තුර අපේ රටේ සිදු වූ දරුණුතම ස්වභාවික ආපදාව ලෙස සැලකෙන සුනාමි ව්‍යවසනයට අදට (26) හරියටම වසර 20ක් සපිරෙයි.

2004 දෙසැම්බර් මාසෙ 26 වෙනිදා ශ්‍රී ලාංකිකයින් උදා වූ නත්තල මහත් හරසරින් සමරමින් සිටියා.

ඒ රුදුරු ත්‍රස්තවාදීන් ගෙන් බැටකමින් සිටි ලාංකිකයින් එය මදකට අමතක කරමින් එදින නත්තල් අසිරිය සමරන්නට විය. 

නමුත් කිසිවෙකුත් සිහිනෙකින් හෝ අපේක්ෂා නොකළ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 9.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගැනීමත් සමග පෙරවරු 9.30 ට පමණ වියරු වූ උදම් රළ වෙරළ ප්‍රදේශ රැසකට කඩා වැදුණේ පෙරදින උදා වූ නත්තලේ සිරිය විඳගනිමින් සිටි සියලු දෙනාටම දරාගත නොහැකි වේදනාවක් උරුමකර දෙමින් ඉතිහාසයට අදුරු මතක සටහනක් එක් කරමින්.

සුනාමිය ගැන වසර 20ක කඳුලු කතාව අද අලුත් වෙයි..1700කට වඩා මිය ගිය දුම්රියේ අඳුරු මතකය මෙන්න.(PHOTOS) | Tsunami 2004

ඉතිහාසයේ විහාර මහා දේවිය සමයේ මුහුද ගොඩ ගැලූ බව පමණක් අසා ඇති, සුනාමිය කියන වචනය පවා අසා නොසිටි අපේ රටේ මිනිසුන් විශාල පිරිසක් උදම් රළට ගොදුරු වෙද්දී බොහෝ දෙනෙකුට මේ සිදුවන්නේ කුමක් දැයි පවා සිතාගැනීමට අපහසු වී තිබුණේ විනාඩි ගණනනින් සියලු සිදුවීම් හමාර වූ පසුබිමකයි.

පැය කීපයක් තුළ සිදුවූ මෙම ව්‍යසනයෙන් අහිංසක ජීවිත 35,000 ක් පමණ අකාලයේ විනාශ වී ගියේ මුළු රටම එකම මළගෙදරක් බවට පත් කරමින්.

අද වඩාත් පරිස්සම් විය යුතු ලග්න කිහිපයක්..නැතිනම් දුක් සහිත අත්දැකීම් වලට මුහුණදීමට සිදුවේ.(VIDEO)

අද වඩාත් පරිස්සම් විය යුතු ලග්න කිහිපයක්..නැතිනම් දුක් සහිත අත්දැකීම් වලට මුහුණදීමට සිදුවේ.(VIDEO)


අතුරුදන්වූ තවත් සැලකිය යුතු පිරිසක් පිළිබද තොරතුරු වාර්තා නොවූ අතර 516,150 දෙනෙකුට මේ ව්‍යසනය හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණේ අදටත් සමහරක් දෙනාගේ ජීවිත බිමටම සමතලා කරමිනුයි.

2004 දෙසැම්බර් 26 වැනිදා ඉරිදා අලුයම 6.58 ට හටගත් භූමිකම්පාව හේතු කොටගෙන මහ සයුර ගොඩගැලීමෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින හා බුරුමය යන රටවල් ද අප්‍රිකාවේ සෝමාලියාව යන රටවල්වලට දරුණු ලෙස හානි සිදු විය.

ලොවපුරා 225000කට වැඩි පිරිසකට ජීවිත තත්පර කිහිපයකදී අහිමි කිරීමට තරම් මේ චණ්ඩ රළ පහරට හැකියාවක් ලැබිණ. එදින අඩි තිහක් උසට සුනාමි රළ ගොඩබිමට පැමිණියා.

සුනාමිය ගැන වසර 20ක කඳුලු කතාව අද අලුත් වෙයි..1700කට වඩා මිය ගිය දුම්රියේ අඳුරු මතකය මෙන්න.(PHOTOS) | Tsunami 2004

දරුවන්ට දෙමව්පියන්, දෙමව්පියන්ට දරුවන්, බිරින්දෑවරුන්ට ස්වාමිපුරුෂයින් මෙන්ම ස්වාමිපුරුෂයින්ට බිරින්දෑවරුන් අහිමි කළ මෙම ව්‍යසනයෙන් කිසිදා අමතක කළ නොහැකි වේදනාත්මක මතක ගොන්නක් ලාංකිකයින්ට ඉතිරි කළේ ය.

ඉන් අමතක කළ නොහැකි දුක්බරම මතකය වෙන්නේ සුනාමියට ගොදුරක් වූ පැරෑලියේ දුම්රිය ව්‍යවසනයයි.

මෙම දුම්රිය ව්‍යසනය 2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය ලෙස හැඳින් වුණා.

මෙම ව්‍යසනය, ඉතිහාසයේ දුම්රියක් හා සම්බන්ධව සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, සිදුවීම ලෙසයි සැලකෙන්නේ.

දෙසැම්බර් 26 වැනිදා උදෑසන 6:55 ට පමණ, සුපුරුදු පරිදි මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය නැවතුම්පළින් ගමන් ආරම්භ කළ අතර, ඒ අවස්ථාවේදී දුම්රිය තුල, ප්‍රවේශපත්‍ර සහිත මගීන් 1000-1500 අතර ප්‍රමාණයකුත්, ප්‍රවේශපත්‍ර රහිතව සිටි මගීන් නොදන්නා සංඛ්‍යාවකුත් සිටි බවයි වාර්තා වුණේ.

කොළඹ සිට ගාල්ල දක්වා වූ නියමිත දුම්රිය ගමන් මග අතරතුර හමුවන, තෙල්වත්ත නැවතුම ආසන්නයේ පිහිටි පැරෑළිය ග්‍රාමයේ ධාවනය වෙමින් පැවැති දුම්රිය වෙත සුනාමි රළ ගැටීම නිසා මෙම අනතුර සිදුවිය.

සුනාමිය ගැන වසර 20ක කඳුලු කතාව අද අලුත් වෙයි..1700කට වඩා මිය ගිය දුම්රියේ අඳුරු මතකය මෙන්න.(PHOTOS) | Tsunami 2004

කොළඹ දුම්රිය නැවතුම්පළින් පිටත් වූ දුම්රිය, උදෑසන 9:30 පමණ වන විට තෙල්වත්ත අසල, පැරෑළිය ග්‍රාමය ඔස්සේ ධාවනය වෙමින් තිබුණා.

එම අවස්ථාව වන විට ගලා ආ පළමු සුනාමි රළ, වෙරළ තීරය යටකරමින් ගොඩ බිම දෙසට ගලා ඒමේන් දුම්රිය හාත්පසද වට කර ගැනීම නිසා, දුම්රිය ධාවනය නතර කරන කරනු ලැබුවා.

මුහුදු රළ ගැටුනද දුම්රිය, පීලි මත නිරුපද්‍රිතව පවතීවි යැයි එහි සිටි සිය ගණනක් වූ මගීන් බලාපොරොත්තු වූවත්, ඊළඟ මොහොතේ පැමිණි විශාල සුනාමි රළ, දුම්රිය මැදිරි සහ අවට තිබූ ගස්කොලන්, නිවාස ආදියටද දැඩි හානි සිදුකරමින් ජල පහර ඉදිරියට ගලා ගියේ කිසිවෙකුගේ බලාපොරොත්තු වලට ඉඩක් නොදෙමින්.

චමුදිතට අලුත් ආණ්ඩුවෙන් පළමු වෙඩිල්ල තබයි..ආරක්ෂාව සම්බන්ධයෙන් කරපු දේ බලන්න.

චමුදිතට අලුත් ආණ්ඩුවෙන් පළමු වෙඩිල්ල තබයි..ආරක්ෂාව සම්බන්ධයෙන් කරපු දේ බලන්න.


සුනාමි රළ පහර හේතුවෙන් ජලයෙන් පිරී ගොස් තිබූ දුම්රිය මැදිරි අටක සිටි පිරිස ඒ තුළම ගිලී මිය ගිය අතර, සමහරක් දෙනා ජල පහරේ ගසා ගෙන ආ සුන්බුන්වල ගැටීම නිසා ජීවිතක්ෂයට පත්විය.

මේ අවස්ථාවෙහි දුම්රියේ ගැටී තිබුණු සුනාමි රළ පහර, සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට මීටර 7.5 - 9 ත් පමණ උස් වූ රළ පහරක් බවයි පැවසුනේ.

අනතුර නිසා පුද්ගලයන් 1,700 කට වඩා වැඩි පිරිසක් මිය ගිය අතර එම ප්‍රමාණය, ඊට පෙර දුම්රිය ඉතිහාසයේ වාර්තා වී තිබූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, 1981 වසරේ සිදුවූ බිහාර් දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් බවයි වාර්තා වුණේ.

සුනාමිය ගැන වසර 20ක කඳුලු කතාව අද අලුත් වෙයි..1700කට වඩා මිය ගිය දුම්රියේ අඳුරු මතකය මෙන්න.(PHOTOS) | Tsunami 2004

මේ අතර, සුනාමි ව්‍යවසනයෙන් සහ මෙරට සිදු වූ විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන 'ජාතික සුරක්ෂිතතා දිනය' අදට (26) යෙදී තිබෙනවා.

2012 වසරේ සිට ජාතික සුරක්ෂිත දිනය ලෙස දෙසැම්බර් 26 වැනිදා රජය විසින් ප්‍රකාශයට පත් කළේ ය.

ඒ අනුව, සෑම වසරකම දෙසැම්බර් 26 වැනිදා ජාතික සැමරුම් උත්සවයක් ලෙස මෙය සිහිපත් කර ඇත.

මෙවර ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රෙය්දී පැවත්වීමට නියමිතව ඇත.

උත්සවය අද පෙරවරු 9.00 සිට 11.30 දක්වා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

එමෙන්ම අද පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා කාලය තුළ සුනාමියෙන් අහිමි වූ ජීවිත සිහිපත් කිරීම සඳහා එහිදී මිනිත්තු 2ක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලබයි.

මෙම අඳුරු මතකය මැදින් කෙමින් කෙමින් ශ්‍රී ලාංකිකයින් නැවත ශක්තිමත් වෙන්නේ නැවත කිසිදු දිනෙක මෙවැනි විපතක් මේ පින්බිමට අත් නොවේවා යන ප්‍රාර්ථනයත් සමඟින්.

You May Like This Video


ReeCha