චමුදිතට අලුත් ආණ්ඩුවෙන් පළමු වෙඩිල්ල තබයි..ආරක්ෂාව සම්බන්ධයෙන් කරපු දේ බලන්න.
ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා වෙත ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වනවා.
ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැය විසිහතර පුරා ලබා දී තිබූ බවයි පැවසෙන්නේ.
මෙලෙස චමුදිත සඳහා පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණේ මීට පෙර ඩුබායි සිට පාතාලයේ ප්‍රබලයින් විසින් ඔහුව ඝාතනය කරන බවට රතු එළි දල්වා තිබූ පසුබිමකයි.
ඊට ඒතුව නම් ඔහු විසින් මෙරට සහ පිට රට වල සිටින අයගේ වංචා , දූෂණ සහ දරුණු ගණයේ අපරාද සිදුවීම් ගැන බරපතල ලෙස විවේචනය කරමින් හෙළිදරව් කිරීමයි.
කෙසේවෙතත් මීට පෙර චමුදිත රැදීසිටි නිවසටද නාදුනන පිරිසක් පැමිණ ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.
එවන් පසුබිමක ඔහු වෙනුවෙන් ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව මේ වන විට ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
You May Like This Video