ඇල්ලේවැව ඛේදවාචකයේ දිගෑරෙන සත්‍ය...අම්මයි දුවයි එක්ක වතුරට පැනලා

Report

දිඹුලාගල ඇල්ලේවැවේ ස්නානය කිරීමට ගිය සිව් දෙනෙක් දියේ ගිලී මියගිය පුවතක් ඊයේ (8) දින වාර්තා වී තිබුණා.

ඒ පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවන් තිදෙනෙක් බව සඳහන්.

සජබෙ මන්ත්‍රීවරුන්ට තැපෑලෙන් එන නියෝග...විරුද්ධ අයට විනය පරීක්ෂණ

සජබෙ මන්ත්‍රීවරුන්ට තැපෑලෙන් එන නියෝග...විරුද්ධ අයට විනය පරීක්ෂණ

ඔවුන් රත්මලාන ප්‍රදේශයේ සිට ඇල්ලේවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි පිරිසක් බවට ද වාර්තා විය.

ඒ අනුව පෙරේදා උදෑසන පැමිණ ඇති පිරිස ගමන් මහන්සිය නිවා ගැනීම සඳහා මෙසේ ඇල්ලේවැවේ දිය නෑමට ගොස් තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් සිටියේ රැෆ්ටන් වත්ත, බංගලාවත්ත රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි ලිහිණි පතිනිකා ද සිල්වා, කේ. මේනකා දර්ශනී, ගුනානන්ද වඩුගේ රුවන් තාරක ද සිල්වා, මල්ලිකා ආරච්චිගේ තිලෝකමා තිලකරත්න යන පිරිසයි.

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ ඒ අතර මවක් හා දියණියක්ද වන බවයි. ඒ අනුව ඇල්ලේවැවේ දිය නෑමට ගිය විට පිරිමි පුද්ගලයා පළමුව ගැඹුරු ස්ථානයේ ගිලී ඇත.

ඒ සමඟ ඔහුව බේරා ගැනීමට අඳාළ කාන්තාවන් තිදෙනා වැවට පැන ඇති බව සඳහන්.

පොලිස් මූලික පරීක්‍ෂණවලින් තහවුරු වී ඇත්තේ එසේ බේරා ගැනීමට යාමේදී ඔවුන්ද දියේ ගිලී ඇති බවයි.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...