මුහුදු රළ ඉහළට - මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් - ජනතාව අනතුරු ඇඟවීම්
මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. හෙට (27) පෙ.ව. 09.00 තෙක් හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය වලංගු වේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ අනුව හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි.
වහාම ඉවත් වෙන්න - රතු නිවේදන නිකුත් වේ - රටේ දිස්ත්‍රික්ක 11කට බලපැවැත්වෙන පරිදි නායයෑම් අනතුරු ඇඟවීම්
මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළ බඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදන ප්රජාවත්, එම වෙරළ ආශ්රිත ප්‍රදේශ වල වෙසෙන ජනතාවත් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.