බිහිසුණු ගුවන් අනතුරක් - හමුදා නිළධාරීන් ඇතුළු 14ක් ජීවිතක්ෂයට

Report

කොංගෝ රාජ්‍යයේ හමුදාව නිවේදනය කර ඇත්තේ සිදුවූ ගුවන් අනතුරකින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම අනතුරින් කොංගෝ හමුදා අධිකරණ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් මුටොම්බෝ කටාලයි ටියෙන්ඩේ සහ සන්නද්ධ හමුදා විගණන ප්‍රධානී ජෙනරාල් ලුතිනන් ජෙනරාල් බකුමි ලිකුලියා යන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනා ද මියගොස් ඇත.

ඉදිරි පැය 24 අනතුරුදායකයි - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දරුණු අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24 අනතුරුදායකයි - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දරුණු අනතුරු ඇඟවීමක්

කාර්මික දෝෂයක් හේතුවෙන් නිරිතදිග කික්විට් නගරයේ සිට අගනුවර වන කින්ෂාසා දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානය කෙන්ගෙ ප්‍රදේශයට කඩා වැටී තිබේ.

අනතුරට හේතුව සෙවීම සඳහා දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුත් අනතුරට හේතුව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙතෙක් ප්‍රකාශ කර නොමැත.  

ලාංකිකයන්ට සුභම සුභ ආරංචියක් - සීනි,පිටි, සහල් ඇතුළු භාණ්ඩ රැසක මිල පහතට

ලාංකිකයන්ට සුභම සුභ ආරංචියක් - සීනි,පිටි, සහල් ඇතුළු භාණ්ඩ රැසක මිල පහතට