2025 සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වේ - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
අද (26) දින විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ 2025 වසරට අදාළව පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළ බවයි.
එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ '1911' යන ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකිය.
එමෙන්ම 0112 784208, 0112-784537 හා 0112-785922 යන අංක ඇමතීමටද අවස්ථාව හිමිකර දී ඇත. 2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය, මෙම වසරේ ඉකුත් පෙබරවාරි 17 සිට 26 වැනිදා දක්වා පැවැත්විණි.
උසස් පෙළ සිසුන් සඳහා අති විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරයි - ගැටළු ඇත්නම් විමසීමට දුරකථන අංක