ඉරානය දෙදරයි - අමෙරිකානු ලිස්ට් එකේ හිටපු තවත් ප්‍රබලයෙක් ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

Report

ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ඝාතනය කළ බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අද (18) දින තහවුරු කර ඇත. ඒ අනුව ඊශ්‍රායලය විසින් ඉරානයේ හඳුනාගත් ඉලක්ක කිහිපයක් වෙත ඊයේ (17) දින රාත්‍රියේ එල්ලකළ ප්‍රහාරවලදී ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉරාන පූජකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු ද වන කාතිබ්, 2021 අගෝස්තු මාසයේ සිට බුද්ධි අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිට තිබෙනවා.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන නායකයෙකු මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන නායකයෙකු මරුට

එසේම ජීවිතක්ෂයට පත් වන විට 65වන වියේ පසුවූ කාතිබ්, එම තනතුරට තේරීපත් වූ 8න වන නිලධාරියායි. ඊශ්‍රායලය කාතිබ්ගේ මරණය හෙළිකර ඇත්තේ ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි ඝාතනය වී ඇති බව ඉරානය විසින් තහවුරු කිරීමෙන් පසුවයි.

එමෙන්ම ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි හෝ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉකුත් දා තීරණය කර තිබුණා.

එසේම එම ලැසිස්තුවට එස්මායිල් කාතිබ්ගේ නමද ඇතුළත්ව තිබූ බව සඳහන්.

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

බැංකුවෙන් හරි ප්‍රසිද්ධ ආයතනයකින් හරි කියලා මෙහෙම කිව්වොත් ප්‍රවේශම්වන්න - පොලීසියෙන් විශේෂ නිවේදනයක්

බැංකුවෙන් හරි ප්‍රසිද්ධ ආයතනයකින් හරි කියලා මෙහෙම කිව්වොත් ප්‍රවේශම්වන්න - පොලීසියෙන් විශේෂ නිවේදනයක්